Quran Apps in many lanuages:

Surah Al-Anbiya Ayahs #58 Translated in Sinhalese

قَالَ لَقَدْ كُنْتُمْ أَنْتُمْ وَآبَاؤُكُمْ فِي ضَلَالٍ مُبِينٍ
‘නුඹලා හා නුඹලාගේ මුතුන්මිත්තන් පැහැදිලි මුළාවෙහි සැබැවින්ම සිටියෙහු යැ’යි ඔහු පැවසුවේය.
قَالُوا أَجِئْتَنَا بِالْحَقِّ أَمْ أَنْتَ مِنَ اللَّاعِبِينَ
‘නුඹ අප වෙත සත්යය ගෙන ආවෙහිද? එසේ නැතහොත් නුඹ හාස්‍ය ලෙස කටයුතු කරන්නන් අතරින් කෙනෙකුදැ?’යි ඔවුහු විමසූහ.
قَالَ بَلْ رَبُّكُمْ رَبُّ السَّمَاوَاتِ وَالْأَرْضِ الَّذِي فَطَرَهُنَّ وَأَنَا عَلَىٰ ذَٰلِكُمْ مِنَ الشَّاهِدِينَ
එසේ නොව, නුඹලාගේ පරමාධිපති අහස් හා මහපොළොවෙහි හිමිපාණන් වේ. ඔහු වනාහි ඒවා මැව්වේය. ඒ සඳහා මම සාක්ෂිකරුවන් අතරින් වෙමි යැයි ඔහු පැවසුවේය.
وَتَاللَّهِ لَأَكِيدَنَّ أَصْنَامَكُمْ بَعْدَ أَنْ تُوَلُّوا مُدْبِرِينَ
තවද අල්ලාහ් මත දිවුරමින්. නුඹලා හැරී ගිය පසු නුඹලාගේ පිළිම වලට මම (උපාය මාර්ගික) සැලැස්මක් යොදමි.
فَجَعَلَهُمْ جُذَاذًا إِلَّا كَبِيرًا لَهُمْ لَعَلَّهُمْ إِلَيْهِ يَرْجِعُونَ
පසු ව ඔවුන් ඒ වෙත නැවත හැරී එනු පිණිස විශාල ප්‍රතිමාව හැර (සෙසු) ඒවා ඔහු කැබලි වලට පත් කළේය.

Choose other languages: