Quran Apps in many lanuages:

Surah Al-Anbiya Ayahs #51 Translated in Sinhalese

وَنَضَعُ الْمَوَازِينَ الْقِسْطَ لِيَوْمِ الْقِيَامَةِ فَلَا تُظْلَمُ نَفْسٌ شَيْئًا ۖ وَإِنْ كَانَ مِثْقَالَ حَبَّةٍ مِنْ خَرْدَلٍ أَتَيْنَا بِهَا ۗ وَكَفَىٰ بِنَا حَاسِبِينَ
තවද අපි මළවුන් කෙරෙන් නැගිටු වනු ලබන දින සාධාරණ තුලාවන් තබමු. එහෙයින් කිසිදු ආත්මයක් කිසිවකින් හෝ අපරාධ කරනු නොලබනු ඇත. එය අබ ඇටයක තරම් ප්‍රමාණයක් වුවද අපි එය ගෙන එන්නෙමු. ගණන් ගන්නන් වශයෙන් අපම ප්‍රමාණවත් විය.
وَلَقَدْ آتَيْنَا مُوسَىٰ وَهَارُونَ الْفُرْقَانَ وَضِيَاءً وَذِكْرًا لِلْمُتَّقِينَ
තවද (සත්යය හා අසත්යය වෙන් කර දක්වන) මිණුම් දණ්ඩය ද ආලෝකය ද බිය බැතිමතුන්හට වූ උපදෙස් ද අපි මූසාට හා හාරූන්ට පිරිනැමුවෙමු.
الَّذِينَ يَخْشَوْنَ رَبَّهُمْ بِالْغَيْبِ وَهُمْ مِنَ السَّاعَةِ مُشْفِقُونَ
ඔවුහු වනාහි ඔවුන්ගේ පරමාධිපතිට අදෘශ්‍යමාන ව සිටිය දී බිය වෙති. තවද අවසන් හෝරාව පිළිබඳ බියෙන් පසුවන්නන් ද වෙති.
وَهَٰذَا ذِكْرٌ مُبَارَكٌ أَنْزَلْنَاهُ ۚ أَفَأَنْتُمْ لَهُ مُنْكِرُونَ
තවද මෙය අපි පහළ කළා වූ සමෘද්ධිමත් උපදෙසකි. එහෙයින් නුඹලා එය පිටුදකින්නෝ වෙත්ද?
وَلَقَدْ آتَيْنَا إِبْرَاهِيمَ رُشْدَهُ مِنْ قَبْلُ وَكُنَّا بِهِ عَالِمِينَ
තවද මීට පෙර ඉබ්රාහීම්ට ඔහුට හිමි යහ මග අපි පිරිනැමුවෙමු. තවද ඔහු පිළිබඳ අපි දැන සිටින්නන් වූයෙමු.

Choose other languages: