Quran Apps in many lanuages:

Surah Al-Anbiya Ayahs #21 Translated in Sinhalese

لَوْ أَرَدْنَا أَنْ نَتَّخِذَ لَهْوًا لَاتَّخَذْنَاهُ مِنْ لَدُنَّا إِنْ كُنَّا فَاعِلِينَ
අපි හාස්යයට ගන්නට සිතුවේ නම්, එය එසේ සිදු කරන්නන් ලෙස සිටියෙමු නම් අප වෙතින්ම එය ගන්නට තිබුණි.
بَلْ نَقْذِفُ بِالْحَقِّ عَلَى الْبَاطِلِ فَيَدْمَغُهُ فَإِذَا هُوَ زَاهِقٌ ۚ وَلَكُمُ الْوَيْلُ مِمَّا تَصِفُونَ
නමුත් අපි සත්යය ගෙන අසත්යයට එරෙහි ව පහර දෙන්නෙමු. එය එවිට එය(අසත්යය) පහ කර දමයි. එවිට එය විනාශ වී යන්නකි. තවද නුඹලා වර්ණනා කරන දෑ හේතුවෙන් නුඹලාට විනාශය ඇත.
وَلَهُ مَنْ فِي السَّمَاوَاتِ وَالْأَرْضِ ۚ وَمَنْ عِنْدَهُ لَا يَسْتَكْبِرُونَ عَنْ عِبَادَتِهِ وَلَا يَسْتَحْسِرُونَ
තවද අහස්හි හා මහපොළොවෙහි සිටින්නන් ද ඔහු අබියස සිටින්නන් ද ඔහු සතුය. ඔහුට වන්දනාමානය කිරීම සම්බන්ධයෙන් ඔවුහු උඩඟු නොවෙති. තවද ඔවුහු විඩාවට පත් නොවෙති.
يُسَبِّحُونَ اللَّيْلَ وَالنَّهَارَ لَا يَفْتُرُونَ
රාත්‍රියෙහි හා දහවලෙහි ඔවුහු සුවිශුද්ධ කරති. තවද ඔවුහු වෙහෙසට පත් නොවෙති.
أَمِ اتَّخَذُوا آلِهَةً مِنَ الْأَرْضِ هُمْ يُنْشِرُونَ
එසේ නැතහොත් මළවුන් අවදි කළ හැකි දෙවිවරුන් ඔවුහු මහපොළොවෙන් (තෝරා) ගත්තෝ ද?

Choose other languages: