Quran Apps in many lanuages:

Surah Al-Anbiya Ayahs #14 Translated in Sinhalese

لَقَدْ أَنْزَلْنَا إِلَيْكُمْ كِتَابًا فِيهِ ذِكْرُكُمْ ۖ أَفَلَا تَعْقِلُونَ
සැබැවින්ම අපි නුඹලා වෙත ධර්ම ග්රන්ථයක් පහළ කළෙමු. එහි නුඹලාට මෙනෙහි කිරීමක් විය. නුඹලා වටහා ගත යුතු නොවේද?
وَكَمْ قَصَمْنَا مِنْ قَرْيَةٍ كَانَتْ ظَالِمَةً وَأَنْشَأْنَا بَعْدَهَا قَوْمًا آخَرِينَ
තවද අපරාධකාරී වූ ගම්මාන කොපමණක් අපි සුනු විසුනු කළෙමු ද? තවද එයට පසු ව අපි වෙනත් පිරිසක් බිහි කළෙමු.
فَلَمَّا أَحَسُّوا بَأْسَنَا إِذَا هُمْ مِنْهَا يَرْكُضُونَ
ඔවුනට අපගේ දඬුවම හැඟී ගිය කල්හි ඔවුන් එයින් පලා යන්නට විය.
لَا تَرْكُضُوا وَارْجِعُوا إِلَىٰ مَا أُتْرِفْتُمْ فِيهِ وَمَسَاكِنِكُمْ لَعَلَّكُمْ تُسْأَلُونَ
නුඹලා පලා නොයනු. එහි නුඹලා භුක්ති විඳිමින් සිටි දෑ වෙත ද නුඹලාගේ වාසස්ථාන වෙත ද නුඹලා නැවත හැරී යනු. නුඹලා ප්‍රශ්න කරනු ලබනු ඇත.
قَالُوا يَا وَيْلَنَا إِنَّا كُنَّا ظَالِمِينَ
අහෝ අපගේ විනාශය! නියත වශයෙන්ම අපි අපරාධකාරයින් වූයෙමු යැයි ඔවුහු පැවසූහ.

Choose other languages: