Quran Apps in many lanuages:

Surah Al-Anaam Ayahs #94 Translated in Sinhalese

أُولَٰئِكَ الَّذِينَ هَدَى اللَّهُ ۖ فَبِهُدَاهُمُ اقْتَدِهْ ۗ قُلْ لَا أَسْأَلُكُمْ عَلَيْهِ أَجْرًا ۖ إِنْ هُوَ إِلَّا ذِكْرَىٰ لِلْعَالَمِينَ
අල්ලාහ් මඟ පෙන් වූ අය ඔවුහුය. එබැවින් ඔවුන් ලැබූ මඟ පෙන්වීම අනුව නුඹ ද එය පිළිපදිනු. ඒ වෙනුවෙන් මම නුඹලාගෙන් කිසිදු කුලියක් නොඉල්ලමි. එය ලෝවැසියනට උපදෙසක් මිස වෙනෙකක් නැතැයි (නබිවරය!) නුඹ පවසනු.
وَمَا قَدَرُوا اللَّهَ حَقَّ قَدْرِهِ إِذْ قَالُوا مَا أَنْزَلَ اللَّهُ عَلَىٰ بَشَرٍ مِنْ شَيْءٍ ۗ قُلْ مَنْ أَنْزَلَ الْكِتَابَ الَّذِي جَاءَ بِهِ مُوسَىٰ نُورًا وَهُدًى لِلنَّاسِ ۖ تَجْعَلُونَهُ قَرَاطِيسَ تُبْدُونَهَا وَتُخْفُونَ كَثِيرًا ۖ وَعُلِّمْتُمْ مَا لَمْ تَعْلَمُوا أَنْتُمْ وَلَا آبَاؤُكُمْ ۖ قُلِ اللَّهُ ۖ ثُمَّ ذَرْهُمْ فِي خَوْضِهِمْ يَلْعَبُونَ
අල්ලාහ්ට ගරු බුහුමන් කළ යුතු අයුරින් ඔවුහු ඔහුට ගරු බුහුමන් නොකළහ. මන්ද "අල්ලාහ් මිනිසා වෙත කිසිවක් පහළ නොකළේය" යැයි ඔවුහු පැවසූ බැවිනි. "ආලෝකයක් හා ජනයාට මඟපෙන්වීමක් ලෙසින් මූසා ගෙන ආ පුස්තකය පහළ කළේ කවුදැ?" යි (නබිවරය!) නුඹ අසනු. නුඹලා එය වෙන් වෙන් පත්‍රිකාවන් බවට පත් කොට ඒවා (සමහරක්) හෙළි කරන අතර බොහෝ දෑ නුඹලා සඟවන්නෙහුය. නුඹලා හෝ නුඹලාගේ මුතුන්මිත්තන් හෝ නොදැන සිටි දෑ නුඹලාට (එමගින්) උගන්වනු ලැබීය. (නබිවරය! එය පහළ කළේ) අල්ලාහ් යැයි පවසනු. ඔවුන් නිරතව සිටින දෑහි සෙල්ලම් කිරීමට ඔවුන් ව අතහැර දමනු.
وَهَٰذَا كِتَابٌ أَنْزَلْنَاهُ مُبَارَكٌ مُصَدِّقُ الَّذِي بَيْنَ يَدَيْهِ وَلِتُنْذِرَ أُمَّ الْقُرَىٰ وَمَنْ حَوْلَهَا ۚ وَالَّذِينَ يُؤْمِنُونَ بِالْآخِرَةِ يُؤْمِنُونَ بِهِ ۖ وَهُمْ عَلَىٰ صَلَاتِهِمْ يُحَافِظُونَ
මෙය අපි පහළ කළ භාග්‍යමත් පුස්තකයයි. (එය) ඒ ඉදිරියේ ඇති දෑ සත්‍ය කරවන්නකි. තවද (එය පහළ කළේ) මව් නගරයට හා ඒ අවට සිටින්නන්ට නුඹ අවවාද කරනු පිණිසය. තවද පරමාන්ත දිනය විශ්වාස කරන්නන් වනාහි ඔවුහු මෙය විශ්වාස කරති. තවද ඔවුහු තම සලාතයන් සුරක්ෂිත ව ඉටු කරන්නෝ වෙති.
وَمَنْ أَظْلَمُ مِمَّنِ افْتَرَىٰ عَلَى اللَّهِ كَذِبًا أَوْ قَالَ أُوحِيَ إِلَيَّ وَلَمْ يُوحَ إِلَيْهِ شَيْءٌ وَمَنْ قَالَ سَأُنْزِلُ مِثْلَ مَا أَنْزَلَ اللَّهُ ۗ وَلَوْ تَرَىٰ إِذِ الظَّالِمُونَ فِي غَمَرَاتِ الْمَوْتِ وَالْمَلَائِكَةُ بَاسِطُو أَيْدِيهِمْ أَخْرِجُوا أَنْفُسَكُمُ ۖ الْيَوْمَ تُجْزَوْنَ عَذَابَ الْهُونِ بِمَا كُنْتُمْ تَقُولُونَ عَلَى اللَّهِ غَيْرَ الْحَقِّ وَكُنْتُمْ عَنْ آيَاتِهِ تَسْتَكْبِرُونَ
අල්ලාහ් කෙරෙහි බොරු ගොතන්නන්ට හෝ තමන් වෙත කිසිදු දේව පණිවිඩයක් දැනුම් දී නොතිබූ තත්ත්වයේ "මටත් දේව පණිවිඩ දෙනු ලැබීය" යැයි පවසන්නාට හෝ "අල්ලාහ් පහළ කළ දෑ මෙන් මම ද පහළ කරමි" යැයි පවසන්නාට වඩා මහත් අපරාධකරු කවරෙකු ද? තවද අපරාධකරුවන් මරණ වේදනාවෙහි සිටින අවස්ථාව නුඹ දකින්නෙහි නම් මලක්වරු තම අත් විහිදුවා "නුඹලාගේ ප්‍රාණ නුඹලාම බැහැර කර ගනු" (යැයි පවසනු නුඹ දකිනු ඇත.) අල්ලාහ් කෙරෙහි සත්‍ය නොවන දෑ නුඹලා පවසමින් සිටි හෙයින් ද ඔහුගේ වදන් පිළිබඳ ව අහංකාරකමින් සිටි බැවින් ද අද දින නින්දිත දඬුවම ප්‍රතිවිපාක වශයෙන් දෙනු ලබන්නෙහුය.
وَلَقَدْ جِئْتُمُونَا فُرَادَىٰ كَمَا خَلَقْنَاكُمْ أَوَّلَ مَرَّةٍ وَتَرَكْتُمْ مَا خَوَّلْنَاكُمْ وَرَاءَ ظُهُورِكُمْ ۖ وَمَا نَرَىٰ مَعَكُمْ شُفَعَاءَكُمُ الَّذِينَ زَعَمْتُمْ أَنَّهُمْ فِيكُمْ شُرَكَاءُ ۚ لَقَدْ تَقَطَّعَ بَيْنَكُمْ وَضَلَّ عَنْكُمْ مَا كُنْتُمْ تَزْعُمُونَ
අපි නුඹලාට පිරිනමා තිබූ දෑ නුඹලාගේ පිටු පිටිපසට අත හැර දමා, මුල් වරට නුඹලා ව අපි මැව්වාක් මෙන් සැබැවින්ම නුඹලා අප වෙතට (කිසිවක් නොමැති ව) තනි ව පැමිණ ඇත. සැබැවින්ම නුඹලා අතර සිටි (අල්ලාහ්ට) සමානයන් යැයි නුඹලා තරයේ විශ්වාස කළ අය නුඹලා වෙනුවෙන් මැදිහත්වන්නන් ලෙස නුඹලා සමඟ සිටිනු අපි නොදකින්නෙමු. නුඹලා අතර වූ සම්බන්ධතා සැබැවින්ම විසන්ධි විය. නුඹලා තරයේ විශ්වාස කරමින් සිටි දෑ නුඹලාගෙන් මුළා විය.

Choose other languages: