Quran Apps in many lanuages:

Surah Al-Anaam Ayahs #9 Translated in Sinhalese

6:5
فَقَدْ كَذَّبُوا بِالْحَقِّ لَمَّا جَاءَهُمْ ۖ فَسَوْفَ يَأْتِيهِمْ أَنْبَاءُ مَا كَانُوا بِهِ يَسْتَهْزِئُونَ
සත්‍ය ය ඔවුන් වෙත පැමිණි කල්හි සැබැවින්ම ඔවුහු එය බොරු කළෝය. ඔවුන් කවර දෙයක් පිළිබඳ ව සමච්චල් කරමින් සිටි‍යේ ද ඒ පිළිබඳ පුවත් ඔවුන් වෙත මතු පැමිණෙනු ඇත.
6:6
أَلَمْ يَرَوْا كَمْ أَهْلَكْنَا مِنْ قَبْلِهِمْ مِنْ قَرْنٍ مَكَّنَّاهُمْ فِي الْأَرْضِ مَا لَمْ نُمَكِّنْ لَكُمْ وَأَرْسَلْنَا السَّمَاءَ عَلَيْهِمْ مِدْرَارًا وَجَعَلْنَا الْأَنْهَارَ تَجْرِي مِنْ تَحْتِهِمْ فَأَهْلَكْنَاهُمْ بِذُنُوبِهِمْ وَأَنْشَأْنَا مِنْ بَعْدِهِمْ قَرْنًا آخَرِينَ
ඔවුනට පෙර පරම්පරා ගණනාවක් අප කෙසේ විනාශ කර දැමුවේ දැ යි ඔවුහු නුදුටුවෝද? නුඹලාට අප නොදුන් පහසුකම් අපි ඔවුනට මිහිතලයේ සලසා දුනිමු. ඔවුන් වෙත අහස් ජලය නොකඩවා එවීමු. ඔවුනට පහළින් ගලා බස්නා ගංගාවන් ඇති කළෙමු. පසුව ඔවුන්ගේ පාපකම් හේතුවෙන් අපි ඔවුන් ව විනාශ කළෙමු. තවද ඔවුනට පසුව අපි වෙනත් පරම්පරාවක් බිහි කළෙමු.
6:7
وَلَوْ نَزَّلْنَا عَلَيْكَ كِتَابًا فِي قِرْطَاسٍ فَلَمَسُوهُ بِأَيْدِيهِمْ لَقَالَ الَّذِينَ كَفَرُوا إِنْ هَٰذَا إِلَّا سِحْرٌ مُبِينٌ
පත්‍රිකාවක ලියන ලද පුස්තකයක් අපි නුඹ වෙත පහළ කර එය ඔවුන් ඔවුන්ගේ අත් වලින් ස්පර්ශ කර බැලුව ද මෙය පැහැදිලි හූනියමක් මිස වෙනකක් නැතැයි ප්‍රතික්ෂේප කළවුන් පවසා සිටින්නට තිබිණි.
6:8
وَقَالُوا لَوْلَا أُنْزِلَ عَلَيْهِ مَلَكٌ ۖ وَلَوْ أَنْزَلْنَا مَلَكًا لَقُضِيَ الْأَمْرُ ثُمَّ لَا يُنْظَرُونَ
තවද මොහු වෙත (සාක්ෂි දැරීම සඳහා) සුරදූතයෙකු පහළ කරනු ලැබිය යුතු නොවේ දැ යි ඔවුහු විමසූහ. එසේ අපි සුරදූතයෙකු පහළ කර තිබුණේ නම් (ඔවුන්ගේ) විෂය තීන්දු කරනු ලබන්නට තිබිණි. ඉන් පසුව ඔවුනට අවකාශ දෙනු නොලබනු ඇත.
6:9
وَلَوْ جَعَلْنَاهُ مَلَكًا لَجَعَلْنَاهُ رَجُلًا وَلَلَبَسْنَا عَلَيْهِمْ مَا يَلْبِسُونَ
අප ඔහුව සුරදූතයෙකු බවට පත් කර තිබුණේ නම් මිනිසෙකුගේ ස්වරූපයෙන්ම ඔහු ව අපි පත් කරන්නට තිබිණි. (දැන්) ඔවුන් ව්‍යාකූල ව සිටින අයුරින් ම (එවිට ද අප) ඔවුන් ව ව්‍යාකූලත්වයට පත් කරන්නෙමු.

Choose other languages: