Quran Apps in many lanuages:

Surah Al-Anaam Ayahs #46 Translated in Sinhalese

وَلَقَدْ أَرْسَلْنَا إِلَىٰ أُمَمٍ مِنْ قَبْلِكَ فَأَخَذْنَاهُمْ بِالْبَأْسَاءِ وَالضَّرَّاءِ لَعَلَّهُمْ يَتَضَرَّعُونَ
තවද සැබැවින්ම අපි නුඹට පෙර වූ සමූහයන් වෙත ද දූත පණිවිඩ එව්වෙමු. ඔවුන් යටහත් පහත් විය හැකි වනු පිණිස දරිද්‍රතාවන් හා පීඩාවන්ගෙන් අපි ඔවුන් හසු කළෙමු.
فَلَوْلَا إِذْ جَاءَهُمْ بَأْسُنَا تَضَرَّعُوا وَلَٰكِنْ قَسَتْ قُلُوبُهُمْ وَزَيَّنَ لَهُمُ الشَّيْطَانُ مَا كَانُوا يَعْمَلُونَ
එබැවින් ඔවුන් වෙත අපගේ දරිද්‍රතාව පැමිණි විට ඔවුන් යටහත් පහත් විය යුතු නොවේ ද? නමුත් ඔවුන්ගේ හදවත් දැඩි විය. ඔවුන් කරමින් සිටි දෑ ෂෙයිතාන් ඔවුන්ට අලංකාරවත් කළේය.
فَلَمَّا نَسُوا مَا ذُكِّرُوا بِهِ فَتَحْنَا عَلَيْهِمْ أَبْوَابَ كُلِّ شَيْءٍ حَتَّىٰ إِذَا فَرِحُوا بِمَا أُوتُوا أَخَذْنَاهُمْ بَغْتَةً فَإِذَا هُمْ مُبْلِسُونَ
කවර දෙයක් පිළිබඳ ඔවුනට සිහපත් කරනු ලැබුවේ ද එය ඔවුන් අමතක කළ කල්හි අපි සියලු දෑ හි දොරටු ඔවුන් වෙත විවෘත කළෙමු. අවසානයේ ඔවුනට දෙනු ලැබූ දෑ පිළිබඳ සතුටු වෙමින් සිටිය දී අපි ඔවුන් අනපේක්ෂිත ව හසු කළෙමු. එවිට ඔවුහු බලාපොරොත්තු සුන් වූවන් බවට පත් වූහ.
فَقُطِعَ دَابِرُ الْقَوْمِ الَّذِينَ ظَلَمُوا ۚ وَالْحَمْدُ لِلَّهِ رَبِّ الْعَالَمِينَ
පසුව, අපරාධ කළ ජනයා සහමුලින්ම විනාශ කරනු ලැබීය. තවද සියලු ප්‍රශංසා සියලු ලෝකයන්හි පරමාධිපති වන අල්ලාහ් සතුය.
قُلْ أَرَأَيْتُمْ إِنْ أَخَذَ اللَّهُ سَمْعَكُمْ وَأَبْصَارَكُمْ وَخَتَمَ عَلَىٰ قُلُوبِكُمْ مَنْ إِلَٰهٌ غَيْرُ اللَّهِ يَأْتِيكُمْ بِهِ ۗ انْظُرْ كَيْفَ نُصَرِّفُ الْآيَاتِ ثُمَّ هُمْ يَصْدِفُونَ
අල්ලාහ් නුඹලාගේ සවන් හා නුඹලාගේ බැල්ම අත්පත් කර ගෙන නුඹලාගේ හදවත් මත මුද්‍රා තැබුවේ නම් එය නුඹලාට (නැවත) ගෙන එන්නට අල්ලාහ් නොවන වෙනත් දෙවිඳෙකු වේ නම් (ඒ බව) මට දන්වා සිටින්නෙහුද? යැයි (නබිවරය!) නුඹ විමසනු. එම සාධක අපි විවිධ අයුරින් විස්තර කරන්නේ කෙසේදැ යි අවධානයෙන් බලනු. පසුව ද ඔවුන් පිටුපාන්නන් වෙති.

Choose other languages: