Quran Apps in many lanuages:

Surah Al-Anaam Ayahs #7 Translated in Sinhalese

6:3
وَهُوَ اللَّهُ فِي السَّمَاوَاتِ وَفِي الْأَرْضِ ۖ يَعْلَمُ سِرَّكُمْ وَجَهْرَكُمْ وَيَعْلَمُ مَا تَكْسِبُونَ
තවද අහස්හි හා මිහිතලයේ අල්ලාහ් ඔහුය. නුඹලාගේ රහස්‍ය දෑ ද නුඹලාගේ ප්‍රසිද්ධ දෑ ද ඔහු දන්නේය. තවද නුඹලා උපයන දෑ ද ඔහු දන්නේය.
6:4
وَمَا تَأْتِيهِمْ مِنْ آيَةٍ مِنْ آيَاتِ رَبِّهِمْ إِلَّا كَانُوا عَنْهَا مُعْرِضِينَ
තම පරමාධිපතිගේ සාක්ෂීන් අතරින් කුමන සාක්ෂියක් හෝ ඔවුන් වෙත පැමිණිය ද එය ඔවුන් පිටුපාමින් සිටියා මිස වෙනකක් නොවීය.
6:5
فَقَدْ كَذَّبُوا بِالْحَقِّ لَمَّا جَاءَهُمْ ۖ فَسَوْفَ يَأْتِيهِمْ أَنْبَاءُ مَا كَانُوا بِهِ يَسْتَهْزِئُونَ
සත්‍ය ය ඔවුන් වෙත පැමිණි කල්හි සැබැවින්ම ඔවුහු එය බොරු කළෝය. ඔවුන් කවර දෙයක් පිළිබඳ ව සමච්චල් කරමින් සිටි‍යේ ද ඒ පිළිබඳ පුවත් ඔවුන් වෙත මතු පැමිණෙනු ඇත.
6:6
أَلَمْ يَرَوْا كَمْ أَهْلَكْنَا مِنْ قَبْلِهِمْ مِنْ قَرْنٍ مَكَّنَّاهُمْ فِي الْأَرْضِ مَا لَمْ نُمَكِّنْ لَكُمْ وَأَرْسَلْنَا السَّمَاءَ عَلَيْهِمْ مِدْرَارًا وَجَعَلْنَا الْأَنْهَارَ تَجْرِي مِنْ تَحْتِهِمْ فَأَهْلَكْنَاهُمْ بِذُنُوبِهِمْ وَأَنْشَأْنَا مِنْ بَعْدِهِمْ قَرْنًا آخَرِينَ
ඔවුනට පෙර පරම්පරා ගණනාවක් අප කෙසේ විනාශ කර දැමුවේ දැ යි ඔවුහු නුදුටුවෝද? නුඹලාට අප නොදුන් පහසුකම් අපි ඔවුනට මිහිතලයේ සලසා දුනිමු. ඔවුන් වෙත අහස් ජලය නොකඩවා එවීමු. ඔවුනට පහළින් ගලා බස්නා ගංගාවන් ඇති කළෙමු. පසුව ඔවුන්ගේ පාපකම් හේතුවෙන් අපි ඔවුන් ව විනාශ කළෙමු. තවද ඔවුනට පසුව අපි වෙනත් පරම්පරාවක් බිහි කළෙමු.
6:7
وَلَوْ نَزَّلْنَا عَلَيْكَ كِتَابًا فِي قِرْطَاسٍ فَلَمَسُوهُ بِأَيْدِيهِمْ لَقَالَ الَّذِينَ كَفَرُوا إِنْ هَٰذَا إِلَّا سِحْرٌ مُبِينٌ
පත්‍රිකාවක ලියන ලද පුස්තකයක් අපි නුඹ වෙත පහළ කර එය ඔවුන් ඔවුන්ගේ අත් වලින් ස්පර්ශ කර බැලුව ද මෙය පැහැදිලි හූනියමක් මිස වෙනකක් නැතැයි ප්‍රතික්ෂේප කළවුන් පවසා සිටින්නට තිබිණි.

Choose other languages: