Quran Apps in many lanuages:

Surah Al-Ahzab Ayahs #49 Translated in Sinhalese

يَا أَيُّهَا النَّبِيُّ إِنَّا أَرْسَلْنَاكَ شَاهِدًا وَمُبَشِّرًا وَنَذِيرًا
අහෝ නබිවරය! නියත වශයෙන් අපි ඔබ සාක්ෂිකරුවෙකු ලෙසින් ද ශුභාරංචි දන්වන්නෙකු ලෙසින් ද අවවාද කරන්නෙකු ලෙසින් ද එව්වෙමු.
وَدَاعِيًا إِلَى اللَّهِ بِإِذْنِهِ وَسِرَاجًا مُنِيرًا
තවද අල්ලාහ් වෙත ඔහුගේ අනුමැතියෙන් ඇරයුම් කරන්නෙකු ලෙසින් ද අලෝකමත් කරන පහනක් ලෙසින් ද (අපි ඔබ එව්වෙමු.)
وَبَشِّرِ الْمُؤْمِنِينَ بِأَنَّ لَهُمْ مِنَ اللَّهِ فَضْلًا كَبِيرًا
තවද නියත වශයෙන්ම අල්ලාහ්ගෙන් වූ මහත් භාග්යය ඔවුනට ඇති බව දේවත්වය විශ්වාස කරන්නන් හට ඔබ සුබාරංචි දන්වනු.
وَلَا تُطِعِ الْكَافِرِينَ وَالْمُنَافِقِينَ وَدَعْ أَذَاهُمْ وَتَوَكَّلْ عَلَى اللَّهِ ۚ وَكَفَىٰ بِاللَّهِ وَكِيلًا
තවද ඔබ දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන්ට සහ (වංචනික) කුහකයන්ට අවනත නොවනු. තවද ඔවුන්ගේ වදහිංසා නොසලකා හරිනු. තවද අල්ලාහ් වෙත භාර කරනු. තවද භාරකරු වශයෙන් අල්ලාහ් ප්‍රමාණවත්ය.
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِذَا نَكَحْتُمُ الْمُؤْمِنَاتِ ثُمَّ طَلَّقْتُمُوهُنَّ مِنْ قَبْلِ أَنْ تَمَسُّوهُنَّ فَمَا لَكُمْ عَلَيْهِنَّ مِنْ عِدَّةٍ تَعْتَدُّونَهَا ۖ فَمَتِّعُوهُنَّ وَسَرِّحُوهُنَّ سَرَاحًا جَمِيلًا
අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලා දේවත්වය විශ්වාස කරන කාන්තාවන් විවාහ කොට පසු ව නුඹලා ඔවුන් ස්පර්ශ කිරීමට පෙර නුඹලා ඔවුන් දික්කසාද කළහොත් නුඹලා ගණන් කරන පොරොත්තු කාලයක් නුඹලා වෙනුවෙන් ඔවුන් කෙරෙහි අනිවාර්යය නොවන්නේය. එවිට ඔවුනට ජීවන සම්පත් ලබා දෙනු. තවද අලංකාර මුදවාලීමකින් ඔවුන් මුදවා හරිනු.

Choose other languages: