Quran Apps in many lanuages:

Surah Al-Ahzab Ayahs #20 Translated in Sinhalese

قُلْ لَنْ يَنْفَعَكُمُ الْفِرَارُ إِنْ فَرَرْتُمْ مِنَ الْمَوْتِ أَوِ الْقَتْلِ وَإِذًا لَا تُمَتَّعُونَ إِلَّا قَلِيلًا
“මරණයෙන් හෝ සටනින් හෝ නුඹලා පළා ගියේ නම්, එම පළා යෑම නුඹලාට ප්‍රයෝජනවත් නොවන්නේමය. එවිට ස්වල්ප (කාල)යක් මිස නුඹලා භුක්ති විඳිනු නොලබන්නෙහු” යැයි (නබිවරය!) නුඹ පවසනු.
قُلْ مَنْ ذَا الَّذِي يَعْصِمُكُمْ مِنَ اللَّهِ إِنْ أَرَادَ بِكُمْ سُوءًا أَوْ أَرَادَ بِكُمْ رَحْمَةً ۚ وَلَا يَجِدُونَ لَهُمْ مِنْ دُونِ اللَّهِ وَلِيًّا وَلَا نَصِيرًا
අල්ලාහ් නුඹලාට යම් නපුරක් සිතුවේ නම් හෝ නුඹලාට යම් දයාවක් සිතුවේ නම් හෝ ඔහුගෙන් නුඹලා ආරක්ෂා කරන අයවලුන් කවුරුන් ද? යැයි (නබිවරය!) නුඹ විමසනු. අල්ලාහ් හැර කිසිදු භාරකරුවකු හෝ උදව් කරුවකු හෝ ඔවුන් නොලබති.
قَدْ يَعْلَمُ اللَّهُ الْمُعَوِّقِينَ مِنْكُمْ وَالْقَائِلِينَ لِإِخْوَانِهِمْ هَلُمَّ إِلَيْنَا ۖ وَلَا يَأْتُونَ الْبَأْسَ إِلَّا قَلِيلًا
නුඹලා අතරින් (සටනට යෑමෙන්) වළක්වන්නන් හා “අප වෙත (හැරී) එනුයි” තම සහෝදරයන්ට පවසන්නන් පිළිබඳ ව සැබැවින්ම අල්ලාහ් දනී. තවද ස්වල්ප දෙනකු මිස සටනට නොපැමිණෙති.
أَشِحَّةً عَلَيْكُمْ ۖ فَإِذَا جَاءَ الْخَوْفُ رَأَيْتَهُمْ يَنْظُرُونَ إِلَيْكَ تَدُورُ أَعْيُنُهُمْ كَالَّذِي يُغْشَىٰ عَلَيْهِ مِنَ الْمَوْتِ ۖ فَإِذَا ذَهَبَ الْخَوْفُ سَلَقُوكُمْ بِأَلْسِنَةٍ حِدَادٍ أَشِحَّةً عَلَى الْخَيْرِ ۚ أُولَٰئِكَ لَمْ يُؤْمِنُوا فَأَحْبَطَ اللَّهُ أَعْمَالَهُمْ ۚ وَكَانَ ذَٰلِكَ عَلَى اللَّهِ يَسِيرًا
(එය,) නුඹලාට එරෙහිව දක්වන මසුරුකමක් ලෙසිනි. නමුත් බිය පැමිණි විට, මරණ(බි)යෙන් සිහි විකල් වූ කෙනෙකු මෙන් ඔවුන්ගේ ඇස් කැරකෙමින් ඔබ දෙස බලා සිටිනු නුඹ ඔවුන් දුටුවෙහිය. නමුත් බිය පහ ව ගිය විට වස්තු තණ්හාව හේතුවෙන් ඔවුහු තියුණු වදනින් නුඹලාට වේදනාව ගෙන දෙනු ඇත. දේවත්වය විශ්වාස නොකරන්නෝ ඔවුහුමය. එහෙයින් අල්ලාහ් ඔවුන්ගේ ක්රියාවන් නිෂ්ඵල කළේය. එය අල්ලාහ් වෙත පහසු කාර්යයක් විය.
يَحْسَبُونَ الْأَحْزَابَ لَمْ يَذْهَبُوا ۖ وَإِنْ يَأْتِ الْأَحْزَابُ يَوَدُّوا لَوْ أَنَّهُمْ بَادُونَ فِي الْأَعْرَابِ يَسْأَلُونَ عَنْ أَنْبَائِكُمْ ۖ وَلَوْ كَانُوا فِيكُمْ مَا قَاتَلُوا إِلَّا قَلِيلًا
සැබැවින්ම (සතුරු) සේනාවන් (තවමත් ඉවත් ව) නොගිය බව ඔවුහු සිතති. තවද එම සේනාවන් පැමිණියේ නම් ගැමි අරාබිවරුන් අතරට ගොස් නුඹලාගේ තොරතුරු විමසීමට තිබුණේ නම් වැනවයි ඔවුහු ප්රිය කරති. තවද ඔවුන් නුඹලා අතර සිටියේ නම් ස්වල්ප දෙනෙකු මිස සටන් නොවදිනු ඇත.

Choose other languages: