Quran Apps in many lanuages:

Surah Ad-Dukhan Ayahs #21 Translated in Sinhalese

وَلَقَدْ فَتَنَّا قَبْلَهُمْ قَوْمَ فِرْعَوْنَ وَجَاءَهُمْ رَسُولٌ كَرِيمٌ
තවද ඔවුනට පෙර වූ ෆිර්අවුන්ගේ ජනයා අපි පරීක්ෂණයට ලක් කළෙමු. තවද ඔවුන් වෙත ගෞරවනීය ධර්ම දූතයකු පැමිණියේය.
أَنْ أَدُّوا إِلَيَّ عِبَادَ اللَّهِ ۖ إِنِّي لَكُمْ رَسُولٌ أَمِينٌ
“අල්ලාහ්ගේ ගැත්තන් මා වෙත නුඹලා භාර කරනු. නියත වශයෙන්ම මම නුඹලා සඳහා වූ විශ්වාසනීය ධර්ම දූතයකු වෙමි” (යැයි ඔහු පැවසීය.)
وَأَنْ لَا تَعْلُوا عَلَى اللَّهِ ۖ إِنِّي آتِيكُمْ بِسُلْطَانٍ مُبِينٍ
“තවද අල්ලාහ් වෙත නුඹලා හිතුවක්කාර නොවනු. නියත වශයෙන්ම මම නුඹලා වෙත පැහැදිලි සාධකයක් ගෙන එන්නෙක් මි.”
وَإِنِّي عُذْتُ بِرَبِّي وَرَبِّكُمْ أَنْ تَرْجُمُونِ
“තවද නුඹලා මා ගල් ගසා මැරීමෙන් නියත වශයෙන්ම මම මාගේ පරමාධිපති වෙතින් ද එමෙන්ම නුඹලාගේ පරමාධිපති වෙතින් ද ආරක්ෂාව පතමි.”
وَإِنْ لَمْ تُؤْمِنُوا لِي فَاعْتَزِلُونِ
“තවද නුඹලා මා විශ්වාස නොකළේ නම් එවිට නුඹලා මගෙන් ඉවත් ව සිටිනු.”

Choose other languages: