Quran Apps in many lanuages:

Surah Aal-E-Imran Ayahs #192 Translated in Sinhalese

لَا تَحْسَبَنَّ الَّذِينَ يَفْرَحُونَ بِمَا أَتَوْا وَيُحِبُّونَ أَنْ يُحْمَدُوا بِمَا لَمْ يَفْعَلُوا فَلَا تَحْسَبَنَّهُمْ بِمَفَازَةٍ مِنَ الْعَذَابِ ۖ وَلَهُمْ عَذَابٌ أَلِيمٌ
(නබිවරය!) තමන් ගෙන ආ දෑ පිළිබඳ සතුටු වන අය ගැන හා තමන් නොකළ දෑ පිළිබඳ ව ප්‍රශංසා කරනු ලැබීම ප්‍රිය කරනවුන් ගැන නුඹ නොසිතනු. එමෙන්ම දඬුවමින් (මිදී) ජයග්‍රහණය ඔවුනට තිබේ යැයි නුඹ නොසිතනු. තවද ඔවුනට වේදනීය දඬුවමක් ද ඇත.
وَلِلَّهِ مُلْكُ السَّمَاوَاتِ وَالْأَرْضِ ۗ وَاللَّهُ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ
අහස්හි හා මහපොළොවෙහි ආධිපත්‍යය අල්ලාහ් සතුය. තවද අල්ලාහ් සියලු දෑ කෙරෙහි ශක්තිවන්ත ය.
إِنَّ فِي خَلْقِ السَّمَاوَاتِ وَالْأَرْضِ وَاخْتِلَافِ اللَّيْلِ وَالنَّهَارِ لَآيَاتٍ لِأُولِي الْأَلْبَابِ
නියත වශයෙන් ම අහස් හා මහපොළොව මැවීමෙහි ද රාත්‍රිය හා දහවල මාරු වීමෙහි ද බුද්ධිමත් අයට පැහැදිලි සාධක ඇත.
الَّذِينَ يَذْكُرُونَ اللَّهَ قِيَامًا وَقُعُودًا وَعَلَىٰ جُنُوبِهِمْ وَيَتَفَكَّرُونَ فِي خَلْقِ السَّمَاوَاتِ وَالْأَرْضِ رَبَّنَا مَا خَلَقْتَ هَٰذَا بَاطِلًا سُبْحَانَكَ فَقِنَا عَذَابَ النَّارِ
ඔවුහු වනාහි සිට ගනිමින් ද වාඩි වෙමින් ද ඉලපැති වලට ඇල වෙමින් ද අල්ලාහ් ව මෙනෙහි කරමින් හා අහස් හා මහපොළොව මැවීම තුළ (ඇති යථාර්ථය) කල්පනා කරමින් ‘අපගේ පරමාධිපතියාණනි! නුඹ මෙය නිකරුණේ නොමැව්වෙහිය. නුඹ සුපිවිතුරු ය. එබැවින් අපව (නිරා) ගින්නේ දඬුවමින් ආරක්ෂා කරනු මැනව!
رَبَّنَا إِنَّكَ مَنْ تُدْخِلِ النَّارَ فَقَدْ أَخْزَيْتَهُ ۖ وَمَا لِلظَّالِمِينَ مِنْ أَنْصَارٍ
ඔවුහු වනාහි සිට ගනිමින් ද වාඩි වෙමින් ද ඉලපැති වලට ඇල වෙමින් ද අල්ලාහ් ව මෙනෙහි කරමින් හා අහස් හා මහපොළොව මැවීම තුළ (ඇති යථාර්ථය) කල්පනා කරමින් ‘අපගේ පරමාධිපතියාණනි! නුඹ මෙය නිකරුණේ නොමැව්වෙහිය. නුඹ සුපිවිතුරු ය. එබැවින් අපව (නිරා) ගින්නේ දඬුවමින් ආරක්ෂා කරනු මැනව!

Choose other languages: