Quran Apps in many lanuages:

Surah Aal-E-Imran Ayahs #175 Translated in Sinhalese

يَسْتَبْشِرُونَ بِنِعْمَةٍ مِنَ اللَّهِ وَفَضْلٍ وَأَنَّ اللَّهَ لَا يُضِيعُ أَجْرَ الْمُؤْمِنِينَ
අල්ලාහ්ගෙන් වූ සම්පත් හා භාග්‍යයන් පිළිබඳ ව ඔවුහු ප්‍රීතිමත් වෙති. තවද නියත වශයෙන් ම අල්ලාහ් විශ්වාස කළවුන්ගේ ප්‍රතිඵල නිෂ්ඵල නොකරන්නේය.
الَّذِينَ اسْتَجَابُوا لِلَّهِ وَالرَّسُولِ مِنْ بَعْدِ مَا أَصَابَهُمُ الْقَرْحُ ۚ لِلَّذِينَ أَحْسَنُوا مِنْهُمْ وَاتَّقَوْا أَجْرٌ عَظِيمٌ
ඔවුහු තමන්ට තුවාල ඇති වූ පසු ව පවා අල්ලාහ්ට ද රසූල්වරයාට ද ප්‍රතිචාර දැක් වූ අය වෙති. ඔවුන් අතරින් දැහැමි ලෙස කටයුතු කර බිය බැතිමත් වූවනට මහත් වූ ප්‍රතිඵල ඇත.
الَّذِينَ قَالَ لَهُمُ النَّاسُ إِنَّ النَّاسَ قَدْ جَمَعُوا لَكُمْ فَاخْشَوْهُمْ فَزَادَهُمْ إِيمَانًا وَقَالُوا حَسْبُنَا اللَّهُ وَنِعْمَ الْوَكِيلُ
ඔවුහු වනාහි නියත වශයෙන්ම ජනයා නුඹලාට (එරෙහිව) එක් රැස් වී ඇත. එබැවින් නුඹලා ඔවුනට බිය වනු යැයි ජනයා ඔවුනට පැවසූහ. එවිට එය(එම ප්‍රකාශය) ඔවුනට විශ්වාසය වැඩි කළේය. තවද ඔවුහු අල්ලාහ් අපට ප්‍රමාණවත් ය. තවද භාරකරු වශයෙන් ඔහු යහපත් යැයි පැවසූහ.
فَانْقَلَبُوا بِنِعْمَةٍ مِنَ اللَّهِ وَفَضْلٍ لَمْ يَمْسَسْهُمْ سُوءٌ وَاتَّبَعُوا رِضْوَانَ اللَّهِ ۗ وَاللَّهُ ذُو فَضْلٍ عَظِيمٍ
එබැවින් අල්ලාහ්ගෙන් වූ සම්පත හා භාග්‍යය සමඟ ඔවුහු හැරී ගියහ. ඔවුනට නපුරක් ස්පර්ශ නොවීය. තවද ඔවුහු අල්ලාහ්ගේ තෘප්තිය (අපේක්ෂාවෙන්) අනුගමනය කළෝය. තවද අල්ලාහ් මහත් භාග්‍යයෙන් යුක්ත ය.
إِنَّمَا ذَٰلِكُمُ الشَّيْطَانُ يُخَوِّفُ أَوْلِيَاءَهُ فَلَا تَخَافُوهُمْ وَخَافُونِ إِنْ كُنْتُمْ مُؤْمِنِينَ
සැබැවින් ම එලෙස ය ෂෙයිතාන් තම මිතුරන් ගැන බිය ගන්වනුයේ. එබැවින් නුඹලා ඔවුනට බිය නොවනු. තවද නුඹලා විශ්වාස කළවුන් ලෙස සිටියෙහු නම් නුඹලා මට බිය වනු.

Choose other languages: