Quran Apps in many lanuages:

Surah Aal-E-Imran Ayahs #115 Translated in Sinhalese

لَنْ يَضُرُّوكُمْ إِلَّا أَذًى ۖ وَإِنْ يُقَاتِلُوكُمْ يُوَلُّوكُمُ الْأَدْبَارَ ثُمَّ لَا يُنْصَرُونَ
සුළු වේදනාවක් හැර ඔවුනට නුඹලා වෙත හිංසා කළ නොහැක්කේ ම ය. තවද නුඹලා සමඟ ඔවුහු සටන් වදින්නේ නම් ඔවුහු නුඹලාට පිටු පස හැරී පලා යති. ඉන්පසු ව ඔවුහු උදව් කරනු නොලබති.
ضُرِبَتْ عَلَيْهِمُ الذِّلَّةُ أَيْنَ مَا ثُقِفُوا إِلَّا بِحَبْلٍ مِنَ اللَّهِ وَحَبْلٍ مِنَ النَّاسِ وَبَاءُوا بِغَضَبٍ مِنَ اللَّهِ وَضُرِبَتْ عَلَيْهِمُ الْمَسْكَنَةُ ۚ ذَٰلِكَ بِأَنَّهُمْ كَانُوا يَكْفُرُونَ بِآيَاتِ اللَّهِ وَيَقْتُلُونَ الْأَنْبِيَاءَ بِغَيْرِ حَقٍّ ۚ ذَٰلِكَ بِمَا عَصَوْا وَكَانُوا يَعْتَدُونَ
ඔවුන් කොතැනක සිටිය ද ඔවුනට අවමානය නියම විය. අල්ලාහ්ගේ රැහැනින් හා මිනිසුන්ගේ රැහැනින් ඔවුහු මිදුණේ නම් මිස. තවද ඔවුහු අල්ලාහ්ගෙන් වූ කෝපයට ද ලක් වූහ. එමෙන්ම ඔවුන් කෙරෙහි දිළිඳුකම ද නියම විය. එයට හේතුව ඔවුන් අල්ලාහ්ගේ වැකි ප්‍රතික්ෂේප කරමින් සිටි බැවින් හා යුක්තියෙන් තොර ව නබිවරුන් ඝාතනය කරමින් සිටි බැවිනි. එය ඔවුන් පිටුපා සීමාව ඉක්මවා යමින් සිටි බැවින් ද වේ.
لَيْسُوا سَوَاءً ۗ مِنْ أَهْلِ الْكِتَابِ أُمَّةٌ قَائِمَةٌ يَتْلُونَ آيَاتِ اللَّهِ آنَاءَ اللَّيْلِ وَهُمْ يَسْجُدُونَ
ඔවුහු (සියල්ලෝ ම) එක සමාන නොවූහ. දේව ග්‍රන්ථය ලත් ජනයා අතුරින් (යහ මාර්ගයේ) ස්ථීර ව සිටින සමාජයක් ද විය. ඔවුහු රාත්‍රී කාලයේ සුජූද් (හිස නමා නමස්කාර) කරමින් අල්ලාහ්ගේ වැකි පාරායනය කරති.
يُؤْمِنُونَ بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ وَيَأْمُرُونَ بِالْمَعْرُوفِ وَيَنْهَوْنَ عَنِ الْمُنْكَرِ وَيُسَارِعُونَ فِي الْخَيْرَاتِ وَأُولَٰئِكَ مِنَ الصَّالِحِينَ
තවද ඔවුහු අල්ලාහ් ව ද පරමාන්ත දිනය ද විශ්වාස කරති. තවද යහපත විධානය කරති. අයහපතින් වළක්වාලති. දැහැමි කටයුතු වල යුහුසුලු ව යෙදෙති. තවද ඔවුහු දැහැමියන් අතරින් වෙති.
وَمَا يَفْعَلُوا مِنْ خَيْرٍ فَلَنْ يُكْفَرُوهُ ۗ وَاللَّهُ عَلِيمٌ بِالْمُتَّقِينَ
තවද ඔවුන් යම් යහපතක් කරන්නේ නම්, එවිට එය ඔවුනට ප්‍රතික්ෂේප කරනු නොලබන්නේ ම ය. තවද අල්ලාහ් බිය බැතිමතුන් පිළිබඳ ව සර්ව ඥානී ය.

Choose other languages: