Quran Apps in many lanuages:

Surah Yusuf Ayahs #49 Translated in Sinhalese

وَقَالَ الَّذِي نَجَا مِنْهُمَا وَادَّكَرَ بَعْدَ أُمَّةٍ أَنَا أُنَبِّئُكُمْ بِتَأْوِيلِهِ فَأَرْسِلُونِ
ඔවුන් දෙදෙනාගෙන් නිදහස් වූ අයට ටික කලකට පසු ව (යූසුෆ් පිළිබඳ ව) මතක් වී එහි අර්ථය පිළිබඳ ව මම නුඹලාට දැනුම් දෙමි. එහෙයින් නුඹලා මා (යූසුෆ් වෙත) යවනු යැයි ඔහු කීය.
يُوسُفُ أَيُّهَا الصِّدِّيقُ أَفْتِنَا فِي سَبْعِ بَقَرَاتٍ سِمَانٍ يَأْكُلُهُنَّ سَبْعٌ عِجَافٌ وَسَبْعِ سُنْبُلَاتٍ خُضْرٍ وَأُخَرَ يَابِسَاتٍ لَعَلِّي أَرْجِعُ إِلَى النَّاسِ لَعَلَّهُمْ يَعْلَمُونَ
අහෝ සත්‍යවාදී යූසුෆ්! පුෂ්ටිමත් ගවයන් හත් දෙනෙකු ව වැහිරී ගිය (ගවයන්) හත් දෙනෙකු කා දැමීම හා සාරවත් (ධාන්‍ය) කරල් හතක් හා අනෙක් ඒවා වියළි ව තිබීම ගැන මට විස්තර කරන්න. මම ජනයා වෙත හැරී ගොස් (දන්වමි) ඔවුන් එය දැන ගත හැකි වනු පිණිස.
قَالَ تَزْرَعُونَ سَبْعَ سِنِينَ دَأَبًا فَمَا حَصَدْتُمْ فَذَرُوهُ فِي سُنْبُلِهِ إِلَّا قَلِيلًا مِمَّا تَأْكُلُونَ
අවුරුදු හතක් දිගටම නුඹලා වගා කරනු ඇත. නුඹලා අස්වනු වශයෙන් නෙළාගන්නා දැයින් නුඹලා අනුභව කරන ස්වල්ප ප්‍රමාණය හැර (අනෙක් ඒවා) එහි කරල් තුළම තිබෙන්නට හරිනු යැයි ඔහු පැවසීය.
ثُمَّ يَأْتِي مِنْ بَعْدِ ذَٰلِكَ سَبْعٌ شِدَادٌ يَأْكُلْنَ مَا قَدَّمْتُمْ لَهُنَّ إِلَّا قَلِيلًا مِمَّا تُحْصِنُونَ
ඉන් පසුව දරුණු (වසර) හතක් පැමිණෙනු ඇත. නුඹලා ගබඩා කරන දැයින් ස්වල්පයක් මිස නුඹලා ඒ සඳහා පෙර සූදානම් කළ (සෙසු සියළු) දෑ එය අනුභව කරනු ඇත.
ثُمَّ يَأْتِي مِنْ بَعْدِ ذَٰلِكَ عَامٌ فِيهِ يُغَاثُ النَّاسُ وَفِيهِ يَعْصِرُونَ
ඉන් පසු ව වසරක් පැමිණෙයි. ජනයා එහි වර්ෂාවෙන් ආශිර්වාද කරනු ලබනු අතර තවද ඔවුහු එහි (පලතුරු) යුෂ පෙරති.

Choose other languages: