Quran Apps in many lanuages:

Surah Ya-Seen Ayahs #21 Translated in Sinhalese

وَمَا عَلَيْنَا إِلَّا الْبَلَاغُ الْمُبِينُ
“තවද පැහැදිලි ව දන්වා සිටීම මිස අප වෙත (වෙනත් වගකීමක්) නොමැත.”
قَالُوا إِنَّا تَطَيَّرْنَا بِكُمْ ۖ لَئِنْ لَمْ تَنْتَهُوا لَنَرْجُمَنَّكُمْ وَلَيَمَسَّنَّكُمْ مِنَّا عَذَابٌ أَلِيمٌ
“නුඹලා නිසා අප අසුබ තත්ත්වයට පත් ව ඇත්තෙමු. නුඹලා නොවැළකුණෙහු නම් අපි නුඹලා ගල් ගසා මරන්නෙමු. තවද අපගෙන් වූ වේදනීය දඬුවමක් නුඹලාට ඇති වනු ඇතැයි” ඔවුහු පැවසුවෝය.
قَالُوا طَائِرُكُمْ مَعَكُمْ ۚ أَئِنْ ذُكِّرْتُمْ ۚ بَلْ أَنْتُمْ قَوْمٌ مُسْرِفُونَ
(එවිට එම රසූල්වරුන්) නුඹලාගේ අගුණ නුඹලා සමගය. මෙය නුඹලාට යහපත් අනුශාසනා කරනු ලැබුව ද? නැත. නුඹලා සීමාව ඉක්මවා ගිය පිරිසක් වන්නෙහුය.
وَجَاءَ مِنْ أَقْصَى الْمَدِينَةِ رَجُلٌ يَسْعَىٰ قَالَ يَا قَوْمِ اتَّبِعُوا الْمُرْسَلِينَ
තවද නගරයේ කෙළවර සිට මිනිසෙකු දිව ඇවිත් “මාගේ ජනයිනි! (අල්ලාහ් විසින්) එවනු ලැබූවන් නුඹලා අනුගමනය කරනු” යැයි පැවසුවේය.
اتَّبِعُوا مَنْ لَا يَسْأَلُكُمْ أَجْرًا وَهُمْ مُهْتَدُونَ
“කිසිදු කුලියක් නුඹලාගෙන් ඉල්ලා නොසිටින්නන් නුඹලා අනුගමනය කරනු. තවද ඔවුහු යහමග ලැබූවෝ වෙති.”

Choose other languages: