Quran Apps in many lanuages:

Surah Sad Ayahs #79 Translated in Sinhalese

قَالَ يَا إِبْلِيسُ مَا مَنَعَكَ أَنْ تَسْجُدَ لِمَا خَلَقْتُ بِيَدَيَّ ۖ أَسْتَكْبَرْتَ أَمْ كُنْتَ مِنَ الْعَالِينَ
“අහෝ ඉබ්ලීස්! මාගේ දෑතින් මා මැවූ දෑට නුඹ සුජූද් කිරීමෙන් නුඹ ව වැළැක්වූයේ කුමක් ද? නුඹ උඩඟු වූයෙහි ද එසේ නැතහොත් උසස් අය අතරින් වූයෙහි දැ”යි ඔහු(අල්ලාහ්) විමසීය.
قَالَ أَنَا خَيْرٌ مِنْهُ ۖ خَلَقْتَنِي مِنْ نَارٍ وَخَلَقْتَهُ مِنْ طِينٍ
“මම ඔහුට වඩා ශ්රේෂ්ටය. ඔබ මා මවා ඇත්තේ ගින්නෙනි. තවද ඔබ ඔහු මවා ඇත්තේ මැටියෙනි” යැයි ඔහු පැවසීය.
قَالَ فَاخْرُجْ مِنْهَا فَإِنَّكَ رَجِيمٌ
ඔහු මෙසේ පැවසීය. “එසේ නම් නුඹ මෙයින් බැහැර වනු. නියත වශයෙන්ම නුඹ පලවා හරිනු ලැබූවෙකි.
وَإِنَّ عَلَيْكَ لَعْنَتِي إِلَىٰ يَوْمِ الدِّينِ
තවද නියත වශයෙන්ම විනිශ්චය දිනය දක්වා මාගේ ශාපය නුඹට එරෙහි ව පවතී.
قَالَ رَبِّ فَأَنْظِرْنِي إِلَىٰ يَوْمِ يُبْعَثُونَ
“මාගේ පරමාධිපතියාණනි! එසේ නම් ඔවුන් නැවත නැගිටුවනු ලබන දිනය දක්වා මට කල් දෙනු” යැයි ඔහු පැවසීය.

Choose other languages: