Quran Apps in many lanuages:

Surah Sad Ayahs #41 Translated in Sinhalese

وَالشَّيَاطِينَ كُلَّ بَنَّاءٍ وَغَوَّاصٍ
තවද ගොඩනැගිලි ඉදි කරන එමෙන්ම කිමිද මුතු ගොඩගන්නා සියලු ෂෙයිතානුවන් හා,
وَآخَرِينَ مُقَرَّنِينَ فِي الْأَصْفَادِ
යදම් තුළ බැඳ දමනු ලැබූ තවත් අය ද (අපි ඔහුට වසඟ කර දුනිමු.)
هَٰذَا عَطَاؤُنَا فَامْنُنْ أَوْ أَمْسِكْ بِغَيْرِ حِسَابٍ
මෙය අපගේ ත්යාගයයි. එහෙයින් කිසිදු ගණනයකින් තොරව නුඹ උපකාර කරනු. එසේ නැතහොත් රඳවා ගනු.
وَإِنَّ لَهُ عِنْدَنَا لَزُلْفَىٰ وَحُسْنَ مَآبٍ
තවද නියත වශයෙන්ම අප අබියස ඔහුට සමීපතාවක් සහ අලංකාර නවා තැනක් ඇත.
وَاذْكُرْ عَبْدَنَا أَيُّوبَ إِذْ نَادَىٰ رَبَّهُ أَنِّي مَسَّنِيَ الشَّيْطَانُ بِنُصْبٍ وَعَذَابٍ
තවද අපගේ ගැත්තකු වූ අය්යූබ් ද ඔබ මෙනෙහි කර බලනු. ඔහු තම පරමාධිපති අමතා, “නියත වශයෙන්ම ෂෙයිතාන් උවදුරකින් හා වේදනාවකින් මා ස්පර්ශ කොට ඇත” යැයි පැවසීය.

Choose other languages: