Quran Apps in many lanuages:

Surah Saba Ayahs #54 Translated in Sinhalese

وَلَوْ تَرَىٰ إِذْ فَزِعُوا فَلَا فَوْتَ وَأُخِذُوا مِنْ مَكَانٍ قَرِيبٍ
තවද ඔවුහු තැතිගත් අවස්ථාව ඔබ දකින්නෙහි නම්, එවිට (ඔවුනට) මිදීමක් නැත. තවද ඔවුහු සමීප ස්ථානයකින් හසුකර ගනු ලබන්නෝය.
وَقَالُوا آمَنَّا بِهِ وَأَنَّىٰ لَهُمُ التَّنَاوُشُ مِنْ مَكَانٍ بَعِيدٍ
තවද “අපි (දැන්) එය විශ්වාස කළෙමු” යැයි ඔවුහු පවසති. තවද දූර බැහැර ස්ථානයකින් (යමක්) ලබා ගැනීම ඔවුනට කෙසේ නම් විය හැකිද?
وَقَدْ كَفَرُوا بِهِ مِنْ قَبْلُ ۖ وَيَقْذِفُونَ بِالْغَيْبِ مِنْ مَكَانٍ بَعِيدٍ
තවද මීට පෙර ද සැබැවින්ම ඔවුහු එය ප්‍රතික්ෂේප කළෝය. තවද ඔවුහු දූර බැහැර ස්ථානයක සිට අදෘශ්යමාන දෑ පිළිබඳ සැක පහළ කරති.
وَحِيلَ بَيْنَهُمْ وَبَيْنَ مَا يَشْتَهُونَ كَمَا فُعِلَ بِأَشْيَاعِهِمْ مِنْ قَبْلُ ۚ إِنَّهُمْ كَانُوا فِي شَكٍّ مُرِيبٍ
තවද මීට පෙර ඔවුනට සමාන වූවන් සම්බන්ධයෙන් කටයුතු කරනු ලැබුවාක් මෙන් ඔවුන් අතර හා ඔවුන් ආශා කරන දෑ අතර බාධක දමනු ලැබීය. නියත වශයෙන්ම ඔවුහු අන්ත සැකයෙහි සිටියෝය.

Choose other languages: