Quran Apps in many lanuages:

Surah Luqman Ayahs #34 Translated in Sinhalese

ذَٰلِكَ بِأَنَّ اللَّهَ هُوَ الْحَقُّ وَأَنَّ مَا يَدْعُونَ مِنْ دُونِهِ الْبَاطِلُ وَأَنَّ اللَّهَ هُوَ الْعَلِيُّ الْكَبِيرُ
නියත වශයෙන්ම අල්ලාහ් වන ඔහුමය සත්යය. තවද නියත වශයෙන්ම ඔහු හැර දමා ඔවුන් ඇරයුම් කරන දෑ අසත්යය වේ. තවද නියත වශයෙන්ම අල්ලාහ් වන ඔහුමය උත්තරීතර; අතිමහත්.
أَلَمْ تَرَ أَنَّ الْفُلْكَ تَجْرِي فِي الْبَحْرِ بِنِعْمَتِ اللَّهِ لِيُرِيَكُمْ مِنْ آيَاتِهِ ۚ إِنَّ فِي ذَٰلِكَ لَآيَاتٍ لِكُلِّ صَبَّارٍ شَكُورٍ
ඔහුගේ සංඥා අතරින් නුඹලාට ඔහු(ගේ බලය) පෙන්වීම පිණිස නියත වශයෙන්ම අල්ලාහ්ගේ ආශිර්වාදයෙන් මුහුදෙහි ගමන් කරන නැව් ඔබ නොදුටුවෙහි ද? ඉවසිලිවන්ත කෘතගුණ සලකන සෑම කෙනෙකුටම එහි සංඥාවන් ඇත.
وَإِذَا غَشِيَهُمْ مَوْجٌ كَالظُّلَلِ دَعَوُا اللَّهَ مُخْلِصِينَ لَهُ الدِّينَ فَلَمَّا نَجَّاهُمْ إِلَى الْبَرِّ فَمِنْهُمْ مُقْتَصِدٌ ۚ وَمَا يَجْحَدُ بِآيَاتِنَا إِلَّا كُلُّ خَتَّارٍ كَفُورٍ
තවද කඳු මෙන් රළ ඔවුන් වසා ගත් විට දහම අල්ලාහ්ට පමණක් පුද කරන්නන් ලෙසින් ඔවුහු ඔහු ඇරයුම් කළෝය. නමුත් ඔහු ඔවුන් ගොඩබිම වෙත මුදවාගෙන ආ කල්හි එවිට ඔවුන් අතරින් මධ්යස්ථ ව කටයුතු කරන්නන් ද විය. එමෙන්ම වංචාකාර ගුණමකු සෑම කෙනෙකුම මිස අපගේ සංඥා පිටු නොදකිනු ඇත.
يَا أَيُّهَا النَّاسُ اتَّقُوا رَبَّكُمْ وَاخْشَوْا يَوْمًا لَا يَجْزِي وَالِدٌ عَنْ وَلَدِهِ وَلَا مَوْلُودٌ هُوَ جَازٍ عَنْ وَالِدِهِ شَيْئًا ۚ إِنَّ وَعْدَ اللَّهِ حَقٌّ ۖ فَلَا تَغُرَّنَّكُمُ الْحَيَاةُ الدُّنْيَا وَلَا يَغُرَّنَّكُمْ بِاللَّهِ الْغَرُورُ
අහෝ ජනයිනි! නුඹලාගේ පරමාධිපතිට නුඹලා බිය බැතිමත් වනු. තවද පියකු තම දරුවා සම්බන්ධයෙන් කටයුතු කළ නොහැකි එමෙන්ම දරුවකුට තම පියා සම්බන්ධයෙන් කිසිවක් කටයුතු කරන්නකු විය නොහැකි දිනයකට නුඹලා බිය වනු. නියත වශයෙන්ම අල්ලාහ්ගේ ප්‍රතිඥාව සැබෑවකි. එහෙයින් මෙලොව ජීවිතය නුඹලාව මුළා කර නොදැමිය යුතුය. තවද මුළා කරන්නා ද අල්ලාහ් ගැන නුඹලා මුළා නොකර යුතුය.
إِنَّ اللَّهَ عِنْدَهُ عِلْمُ السَّاعَةِ وَيُنَزِّلُ الْغَيْثَ وَيَعْلَمُ مَا فِي الْأَرْحَامِ ۖ وَمَا تَدْرِي نَفْسٌ مَاذَا تَكْسِبُ غَدًا ۖ وَمَا تَدْرِي نَفْسٌ بِأَيِّ أَرْضٍ تَمُوتُ ۚ إِنَّ اللَّهَ عَلِيمٌ خَبِيرٌ
අවසන් හෝරාව පිළිබඳ දැනුම ඇත්තේ නියත වශයෙන්ම අල්ලාහ් වනාහි ඔහු අබියස ය. ඔහු වැසි පහළ කරයි. තවද ගර්භාෂයන් තුළ ඇති දෑ දනී. හෙට දින උපයනුයේ කුමක්දැයි කිසිදු ආත්මයක් නොදනී. තවද කවර භූමියක මරණයට පත් වන්නේ දැයි කිසිදු ආත්මයක් නොදනී. නියත වශයෙන්ම අල්ලාහ් සර්ව ඥානීය; අභිඥානවන්තය.

Choose other languages: