Quran Apps in many lanuages:

Surah Ghafir Ayahs #6 Translated in Sinhalese

تَنْزِيلُ الْكِتَابِ مِنَ اللَّهِ الْعَزِيزِ الْعَلِيمِ
(මෙය) සර්ව බලධාරී, සර්වඥානී අල්ලාහ්ගෙන් වූ ධර්ම ග්‍රන්ථයේ පහළ කිරීමයි.
غَافِرِ الذَّنْبِ وَقَابِلِ التَّوْبِ شَدِيدِ الْعِقَابِ ذِي الطَّوْلِ ۖ لَا إِلَٰهَ إِلَّا هُوَ ۖ إِلَيْهِ الْمَصِيرُ
(ඔහු) පාපයට සමාව දෙන්නාය. පාපක්ෂමාව පිළිගන්නාය. දැඩි ලෙස දඬුවම් කරන්නාය. ත්යාගශීලීය. ඔහු හැර වෙනත් දෙවිඳෙකු නැත. නැවත යොමු වීම ඔහු වෙතමය.
مَا يُجَادِلُ فِي آيَاتِ اللَّهِ إِلَّا الَّذِينَ كَفَرُوا فَلَا يَغْرُرْكَ تَقَلُّبُهُمْ فِي الْبِلَادِ
දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් හැර වෙනත් කිසිවකු අල්ලාහ්ගේ වදන් සම්බන්ධයෙන් තර්ක නොකරනු ඇත. එහෙයින් නගරවල්වල ඔවුන්ගේ සැරිසැරීම ඔබ ව රවටා නොදැමිය යුතුය.
كَذَّبَتْ قَبْلَهُمْ قَوْمُ نُوحٍ وَالْأَحْزَابُ مِنْ بَعْدِهِمْ ۖ وَهَمَّتْ كُلُّ أُمَّةٍ بِرَسُولِهِمْ لِيَأْخُذُوهُ ۖ وَجَادَلُوا بِالْبَاطِلِ لِيُدْحِضُوا بِهِ الْحَقَّ فَأَخَذْتُهُمْ ۖ فَكَيْفَ كَانَ عِقَابِ
ඔවුනට පෙර වූ නූහ්ගේ ජනයා ද ඔවුනට පසු වූ සතුරු කණ්ඩායම් ද (ඔවුන්ගේ ධර්ම දූතවරුන්ව) බොරු කළෝය. සෑම සමූහයක්ම තමන්ගේ ධර්ම දූතයාණන්ව ග්‍රහණය කිරීමට තැත් කළෝය. තවද ඔවුන් සත්යය විනාශ කරනු පිණිස ව්‍යාජ දැයින් තර්ක කළෝය. එහෙයින් මම ඔවුන් ග්‍රහණය කළෙමි. එවිට මාගේ දඬුවම කෙසේ වීද?
وَكَذَٰلِكَ حَقَّتْ كَلِمَتُ رَبِّكَ عَلَى الَّذِينَ كَفَرُوا أَنَّهُمْ أَصْحَابُ النَّارِ
තවද එලෙසම නියත වශයෙන්ම ඔවුහු (නිරා) ගින්නේ සගයෝ වෙතැයි දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් කෙරෙහි නුඹේ පරමාධිපතිගේ ප්‍රකාශය නියම විය.

Choose other languages: