Quran Apps in many lanuages:

Surah Az-Zukhruf Ayahs #54 Translated in Sinhalese

فَلَمَّا كَشَفْنَا عَنْهُمُ الْعَذَابَ إِذَا هُمْ يَنْكُثُونَ
ඔවුන්ගෙන් එම දඬුවම අපි ඉවත් කළ කල්හි එසැණින් ඔවුන් (දිවුරුම) කඩ කරති.
وَنَادَىٰ فِرْعَوْنُ فِي قَوْمِهِ قَالَ يَا قَوْمِ أَلَيْسَ لِي مُلْكُ مِصْرَ وَهَٰذِهِ الْأَنْهَارُ تَجْرِي مِنْ تَحْتِي ۖ أَفَلَا تُبْصِرُونَ
තවද ෆිර්අවුන් තම සමූහයා අතර අමතා “අහෝ ජනයිනි! මිසරයේ ආධිපත්‍යය මා සතු නොවේ ද? මෙම ගංගාවන් මාගේ (පාලනය) යටතේ ගලා යයි. එහෙයින් නුඹලා නොදකින්නෙහු ද?
أَمْ أَنَا خَيْرٌ مِنْ هَٰذَا الَّذِي هُوَ مَهِينٌ وَلَا يَكَادُ يُبِينُ
එසේ නැතහොත් පැහැදිලි ව කතා කළ නොහැකි මේ නින්දිත පුද්ගලයාට වඩා මා ශ්‍රේෂ්ඨ නොවේ ද?
فَلَوْلَا أُلْقِيَ عَلَيْهِ أَسْوِرَةٌ مِنْ ذَهَبٍ أَوْ جَاءَ مَعَهُ الْمَلَائِكَةُ مُقْتَرِنِينَ
එසේනම් රනින් වූ වළලු ඔහු වෙත පලඳවනු ලැබිය යුතු නොවේ ද? එසේ නැතහොත් ඔහු සමග පරිවාරකයින් ලෙස මලක්වරුන් පැමිණියේ ද?”
فَاسْتَخَفَّ قَوْمَهُ فَأَطَاعُوهُ ۚ إِنَّهُمْ كَانُوا قَوْمًا فَاسِقِينَ
එවිට ඔහු තම ජනයා සුළුකොට සැලකුවේය. එහෙයින් ඔවුහු ඔහුට අවනත වූවෝය. නියත වශයෙන්ම ඔවුහු දුෂ්ඨ පිරිසක් වූවෝය.

Choose other languages: