Quran Apps in many lanuages:

Surah Az-Zamar Ayahs #4 Translated in Sinhalese

تَنْزِيلُ الْكِتَابِ مِنَ اللَّهِ الْعَزِيزِ الْحَكِيمِ
(මෙය) සර්ව බලධාරී මහා ප්‍රඥාවන්ත අල්ලාහ්ගෙන් වූ ග්‍රන්ථයේ පහළ කිරීමකි.
إِنَّا أَنْزَلْنَا إِلَيْكَ الْكِتَابَ بِالْحَقِّ فَاعْبُدِ اللَّهَ مُخْلِصًا لَهُ الدِّينَ
නියත වශයෙන්ම අපි ඔබ වෙත ධර්ම ග්‍රන්ථය සත්යයෙන් යුතු ව පහළ කළෙමු. එහෙයින් ඔබ අවංක ලෙසින් අල්ලාහ්ට පමණක් දහම පුද කොට ඔහුට නැමදුම් කරනු.
أَلَا لِلَّهِ الدِّينُ الْخَالِصُ ۚ وَالَّذِينَ اتَّخَذُوا مِنْ دُونِهِ أَوْلِيَاءَ مَا نَعْبُدُهُمْ إِلَّا لِيُقَرِّبُونَا إِلَى اللَّهِ زُلْفَىٰ إِنَّ اللَّهَ يَحْكُمُ بَيْنَهُمْ فِي مَا هُمْ فِيهِ يَخْتَلِفُونَ ۗ إِنَّ اللَّهَ لَا يَهْدِي مَنْ هُوَ كَاذِبٌ كَفَّارٌ
දැන ගනු! පිවිතුරු දහම අල්ලාහ් සතුය. තවද ඔහු හැර වෙනත් අය ආරක්ෂකයින් ලෙස ගත් අය ‘අල්ලාහ් වෙත අප සමීප කරවීමට මිස අපි ඔවුනට නැමදුම් නොකළෙමු (යැයි පවසති). ඔවුන් කවර දෙයක් තුළ මතභේද ඇති කරගත්තේද ඒ පිළිබඳ ව අල්ලාහ් ඔවුන් අතර නියත වශයෙන්ම තීන්දු දෙනු ඇත. නියත වශයෙන්ම අල්ලාහ් මහා බොරුකාර දැඩි සේ දේවත්වය ප්‍රතික්ෂේප කරන්නාහට මග නොපෙන්වයි.
لَوْ أَرَادَ اللَّهُ أَنْ يَتَّخِذَ وَلَدًا لَاصْطَفَىٰ مِمَّا يَخْلُقُ مَا يَشَاءُ ۚ سُبْحَانَهُ ۖ هُوَ اللَّهُ الْوَاحِدُ الْقَهَّارُ
අල්ලාහ් දරුවකු ගැනීමට සිතුවේ නම් ඔහු අභිමත කළ අයුරින් ඔහු මවන දැයින්ම ඔහු තෝරා ගන්නට තිබුණි. ඔහු සුපිවිතුරුය. ඔහු මහා බලපරාක්රම ඒකීය වූ අල්ලාහ්ය.

Choose other languages: