Quran Apps in many lanuages:

Surah At-Tawba Ayahs #95 Translated in Sinhalese

لَيْسَ عَلَى الضُّعَفَاءِ وَلَا عَلَى الْمَرْضَىٰ وَلَا عَلَى الَّذِينَ لَا يَجِدُونَ مَا يُنْفِقُونَ حَرَجٌ إِذَا نَصَحُوا لِلَّهِ وَرَسُولِهِ ۚ مَا عَلَى الْمُحْسِنِينَ مِنْ سَبِيلٍ ۚ وَاللَّهُ غَفُورٌ رَحِيمٌ
දුබලයින් කෙරෙහි ද රෝගීන් කෙරෙහි ද (යුද්ධය කිරීම සඳහා) වියදම් කිරීමට යමක් නොලැබුණු අය කෙරෙහි ද ඔවුන් අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට යහපත පතන්නේ නම් ඔවුනට කිසිදු වරදක් නැත. දැහැමියන්ට එරෙහිව කිසිදු මගක් නොමැත. තවද අල්ලාහ් අති ක්ෂමාශීලීය; කරුණා ගුණයෙන් යුක්තය.
وَلَا عَلَى الَّذِينَ إِذَا مَا أَتَوْكَ لِتَحْمِلَهُمْ قُلْتَ لَا أَجِدُ مَا أَحْمِلُكُمْ عَلَيْهِ تَوَلَّوْا وَأَعْيُنُهُمْ تَفِيضُ مِنَ الدَّمْعِ حَزَنًا أَلَّا يَجِدُوا مَا يُنْفِقُونَ
(නබිවරය) නුඹ ඔවුනට ප්‍රවාහන පහසුකම් ලබා දෙනු පිණිස නුඹ වෙත ඔවුන් පැමිණ, නුඹද ඔවුනට "නුඹලා ඒ මත ගමන් කිරීමට ප්‍රවාහන පහසුකම් ලබා දෙන යමක් මා සතුව නැත” යැයි පැවසා තමන් හට වියදම් කිරීමට යමක් නොලැබුණු හේතුවෙන් දුකට පත් ව තම ඇස් වලින් කඳුළු හළමින් හැරී ගිය අය කෙරෙහි ද වරදක් නොමැත.
إِنَّمَا السَّبِيلُ عَلَى الَّذِينَ يَسْتَأْذِنُونَكَ وَهُمْ أَغْنِيَاءُ ۚ رَضُوا بِأَنْ يَكُونُوا مَعَ الْخَوَالِفِ وَطَبَعَ اللَّهُ عَلَىٰ قُلُوبِهِمْ فَهُمْ لَا يَعْلَمُونَ
ක්‍රියා මාර්ගය ගනු ලබනුයේ, ඔවුන් පොහොසතුන් ව සිටිය දී (සටනට සහභාගී නොවන්නට) නුඹගෙන් අවසර පතන්නන් හටය. පසුපසින් රැඳී සිටියවුන් සමඟ ඔවුන් ද රැඳී සිටීමට ප්‍රිය කළෝය. අල්ලාහ් ඔවුන්ගේ හදවත් මත මුද්‍රා තැබුවේය. එබැවින් ඔවුහු (ඒ බව) නොදනිති.
يَعْتَذِرُونَ إِلَيْكُمْ إِذَا رَجَعْتُمْ إِلَيْهِمْ ۚ قُلْ لَا تَعْتَذِرُوا لَنْ نُؤْمِنَ لَكُمْ قَدْ نَبَّأَنَا اللَّهُ مِنْ أَخْبَارِكُمْ ۚ وَسَيَرَى اللَّهُ عَمَلَكُمْ وَرَسُولُهُ ثُمَّ تُرَدُّونَ إِلَىٰ عَالِمِ الْغَيْبِ وَالشَّهَادَةِ فَيُنَبِّئُكُمْ بِمَا كُنْتُمْ تَعْمَلُونَ
නුඹලා ඔවුන් වෙත නැවත හැරී ආ විට, නුඹලා වෙත පැමිණ (සටනට නොපැමිණීම ගැන) ඔවුහු නිදහසට කරුණු දක්වති. "නුඹලා නිදහසට කරුණු නොදක්වනු. සැබැවින්ම අප නුඹලා ව විශ්වාස නොකරන්නෙමු. නුඹලාගේ පුවත් පිළිබඳ ව සැබැවින්ම අල්ලාහ් අපට දැන්වීය. තවද අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් නුඹලාගේ ක්‍රියාව නිරීක්ෂණය කරනු ඇත. පසු ව ගුප්ත දෑ හා දෘශ්‍යමාන දෑ පිළිබඳ දැනුමැත්තා වෙත නුඹලා ව යොමු කරනු ලැබේ. එවිට නුඹලා කරමින් සිටි දෑ පිළිබඳ ව නුඹලාට ඔහු දන්වයි" යැයි නුඹ පවසනු.
سَيَحْلِفُونَ بِاللَّهِ لَكُمْ إِذَا انْقَلَبْتُمْ إِلَيْهِمْ لِتُعْرِضُوا عَنْهُمْ ۖ فَأَعْرِضُوا عَنْهُمْ ۖ إِنَّهُمْ رِجْسٌ ۖ وَمَأْوَاهُمْ جَهَنَّمُ جَزَاءً بِمَا كَانُوا يَكْسِبُونَ
නුඹලා ඔවුන් වෙත නැවත හැරී ආ විට, නුඹලා ඔවුන් ගැන නොතකා හරිනු පිණිස ඔවුහු නුඹලා වෙත අල්ලාහ් මත දිවුරා (බොරු හේතු සාධක) පවසති. එබැවින් නුඹලා ද ඔවුන් ගැන නොසලකා හරිනු. නියත වශයෙන්ම ඔවුහු කිලිටිය. තවද ඔවුන් ලැගුම් ගන්නා ස්ථානය නිරය වේ. එය ඔවුන් උපයමින් සිටි දෑ සඳහා වූ ප්‍රතිවිපාකයක් වශයෙනි.

Choose other languages: