Quran Apps in many lanuages:

Surah Ash-Shura Ayahs #10 Translated in Sinhalese

وَالَّذِينَ اتَّخَذُوا مِنْ دُونِهِ أَوْلِيَاءَ اللَّهُ حَفِيظٌ عَلَيْهِمْ وَمَا أَنْتَ عَلَيْهِمْ بِوَكِيلٍ
තවද ඔහු හැර දමා වෙනත් අය භාරකරුවන් ලෙස ගත් අය වනාහි අල්ලාහ් ඔවුන් කෙරෙහි අවධානයෙන් බලා සිටින්නාය. තවද නුඹ ඔවුන් වෙත භාරකරුවකු නොවේ.
وَكَذَٰلِكَ أَوْحَيْنَا إِلَيْكَ قُرْآنًا عَرَبِيًّا لِتُنْذِرَ أُمَّ الْقُرَىٰ وَمَنْ حَوْلَهَا وَتُنْذِرَ يَوْمَ الْجَمْعِ لَا رَيْبَ فِيهِ ۚ فَرِيقٌ فِي الْجَنَّةِ وَفَرِيقٌ فِي السَّعِيرِ
තවද මව් නගරයට හා ඒ අවට සිටින්නන් හට නුඹ අවවාද කරනු පිණිසද එහි කිසිදු සැකයක් නැති එක්රැස් කරන දිනය ගැන නුඹ අවවාද කරනු පිණිස ද අපි නුඹ වෙත අරාබි බසින් වූ පාරායනයක් දන්වා සිටියේ එලෙසය. (එදින) පිරිසක් ස්වර්ගයෙහිය. තවත් පිරිසක් ඇවිළෙන (නිරා) ගින්නෙහිය.
وَلَوْ شَاءَ اللَّهُ لَجَعَلَهُمْ أُمَّةً وَاحِدَةً وَلَٰكِنْ يُدْخِلُ مَنْ يَشَاءُ فِي رَحْمَتِهِ ۚ وَالظَّالِمُونَ مَا لَهُمْ مِنْ وَلِيٍّ وَلَا نَصِيرٍ
තවද අල්ලාහ් අභිමත කළේ නම් ඔවුන් එකම සමූහයක් බවට පත් කරන්නට තිබුණි. නමුත් ඔහු අභිමත කරන අය ඔහුගේ කරුණාව තුළට ඇතුළත් කරනු ඇත. තවද, අපරාධකරුවන්හට කිසිදු ආරක්ෂකයෙකු හෝ උදව්කරුවෙකු හෝ නැත.
أَمِ اتَّخَذُوا مِنْ دُونِهِ أَوْلِيَاءَ ۖ فَاللَّهُ هُوَ الْوَلِيُّ وَهُوَ يُحْيِي الْمَوْتَىٰ وَهُوَ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ
එසේ නැතහොත් ඔහු හැර දමා සෙසු අය ඔවුහු භාරකරුවන් ලෙස ගත්තෝ ද? අල්ලාහ් වන ඔහුමය භාරකරු, තවද ඔහු මළවුනට ජීවය දෙයි. තවද ඔහු සියලු දෑ කෙරෙහි ශක්තිය ඇත්තාය.
وَمَا اخْتَلَفْتُمْ فِيهِ مِنْ شَيْءٍ فَحُكْمُهُ إِلَى اللَّهِ ۚ ذَٰلِكُمُ اللَّهُ رَبِّي عَلَيْهِ تَوَكَّلْتُ وَإِلَيْهِ أُنِيبُ
නුඹලා එහි කවර දෙයක් සම්බන්ධයෙන් මතභේද ඇති කරගත්තේ ද එහි තීන්දුව අල්ලාහ් වෙතය. එයයි මාගේ පරමාධිපති වන අල්ලාහ්. ඔහු කෙරෙහි මම භාර කළෙමි. තවද ඔහු වෙතම මම යොමු වෙමි (යැයි නබිවරය! නුඹ පවසනු).

Choose other languages: