Quran Apps in many lanuages:

Surah Ash-Shu'ara Ayahs #119 Translated in Sinhalese

إِنْ أَنَا إِلَّا نَذِيرٌ مُبِينٌ
මම පැහැදිලි අවවාද කරන්නෙකු මිස වෙනත් කෙනෙකු නොවෙමි.
قَالُوا لَئِنْ لَمْ تَنْتَهِ يَا نُوحُ لَتَكُونَنَّ مِنَ الْمَرْجُومِينَ
අහෝ නූහ්! නුඹ මෙයින් නොවැළකුණෙහි නම් සැබැවින්ම නුඹ ගල් ගසනු ලබන්නන් අතරින් වනු ඇතැයි ඔවුහු පැවසූහ.
قَالَ رَبِّ إِنَّ قَوْمِي كَذَّبُونِ
මාගේ පරමාධිපතියාණනි! නියත වශයෙන්ම මාගේ ජනයා මා බොරු කළෝය යැයි ඔහු පැවසීය.
فَافْتَحْ بَيْنِي وَبَيْنَهُمْ فَتْحًا وَنَجِّنِي وَمَنْ مَعِيَ مِنَ الْمُؤْمِنِينَ
එහෙයින් මා අතර හා ඔවුන් අතර විවෘත තීන්දුවක් දෙනු මැනව! තවද මා ද මා සමග සිටින අය අතරින් දේවත්වය විශ්වාස කරන්නන් ද නුඹ මුදවා ගනු මැනව!
فَأَنْجَيْنَاهُ وَمَنْ مَعَهُ فِي الْفُلْكِ الْمَشْحُونِ
එවිට (ජීවරාශීන්) පටවනු ලැබූ නැවෙහි සිටි ඔහු හා ඔහු සමග සිටියවුන් ද අපි මුදවා ගත්තෙමු.

Choose other languages: