Quran Apps in many lanuages:

Surah As-Sajda Ayahs #18 Translated in Sinhalese

فَذُوقُوا بِمَا نَسِيتُمْ لِقَاءَ يَوْمِكُمْ هَٰذَا إِنَّا نَسِينَاكُمْ ۖ وَذُوقُوا عَذَابَ الْخُلْدِ بِمَا كُنْتُمْ تَعْمَلُونَ
එහෙයින් මේ නුඹලාගේ දිනයේ හමු ව නුඹලා අමතක කළ බැවින් නුඹලා භුක්ති විඳිනු. නියත වශයෙන්ම අපි නුඹලා අමතක කළෙමු. තවද නුඹලා සිදු කරමින් සිටි දෑ හේතුවෙන් සදාතනික දඬුවම භුක්ති විඳිනු.
إِنَّمَا يُؤْمِنُ بِآيَاتِنَا الَّذِينَ إِذَا ذُكِّرُوا بِهَا خَرُّوا سُجَّدًا وَسَبَّحُوا بِحَمْدِ رَبِّهِمْ وَهُمْ لَا يَسْتَكْبِرُونَ ۩
අපගේ වදන් විශ්වාස කරනුයේ ඒවා ඔවුනට මෙනෙහි කරනු ලබන විට (සිරස බිම තබා) සුජූද් කරමින් බිම වැටී ඔවුන්ගේ පරමාධිපතිගේ ප්‍රශංසා ව තුළින් සුවිශුද්ධ කළ අය වෙති. තවද ඔවුහු උඬගු නොවෙති.
تَتَجَافَىٰ جُنُوبُهُمْ عَنِ الْمَضَاجِعِ يَدْعُونَ رَبَّهُمْ خَوْفًا وَطَمَعًا وَمِمَّا رَزَقْنَاهُمْ يُنْفِقُونَ
ඔවුන්ගේ ඇලපත් නිදියහන් වලින් ඔසවා ගෙන බියෙන් හා ආසාවෙන් ඔවුන්ගේ පරමාධිපතිට ඇරයුම් කරති. තවද අප ඔවුනට පෝෂණය කළ දැයින් ඔවුහු වියදම් කරති.
فَلَا تَعْلَمُ نَفْسٌ مَا أُخْفِيَ لَهُمْ مِنْ قُرَّةِ أَعْيُنٍ جَزَاءً بِمَا كَانُوا يَعْمَلُونَ
එහෙයින් ඔවුන් සිදු කරමින් සිටි දෑ සඳහා ප්‍රතිඵලයක් වශයෙන් ඔවුන් සඳහා සඟවා තබනු ලැබූ ඇස් පිනවන දෑ කිසිදු ආත්මයක් නොදනී.
أَفَمَنْ كَانَ مُؤْمِنًا كَمَنْ كَانَ فَاسِقًا ۚ لَا يَسْتَوُونَ
කවරෙකු විශ්වාසවන්තයෙකු වූයේ ද ඔහු පාපතරයකු වූ අය මෙන් විය හැකි ද? ඔවුහු සමාන නොවෙති.

Choose other languages: