Quran Apps in many lanuages:

Surah Ar-Rum Ayahs #15 Translated in Sinhalese

اللَّهُ يَبْدَأُ الْخَلْقَ ثُمَّ يُعِيدُهُ ثُمَّ إِلَيْهِ تُرْجَعُونَ
අල්ලාහ් මැවීම් පළමු වතාවට උත්පාදනය කරයි. පසු ව එය නැවත නිර්මාණය කරයි. පසු ව ඔහු වෙතටමය නුඹලා නැවත යොමු කරනු ලබනුයේ.
وَيَوْمَ تَقُومُ السَّاعَةُ يُبْلِسُ الْمُجْرِمُونَ
තවද එම (විනිශ්චය) කාලය සිදු වන දිනයේදී වැරදිකරුවෝ බලාපොරොත්තු සුන් කර ගනිති.
وَلَمْ يَكُنْ لَهُمْ مِنْ شُرَكَائِهِمْ شُفَعَاءُ وَكَانُوا بِشُرَكَائِهِمْ كَافِرِينَ
ඔවුන්ගේ හවුල්කරුවන් අතරින් ඔවුන් වෙනුවෙන් මැදිහත්වන්නෝ ඔවුනට නොවීය. තවද ඔවුහු ඔවුන්ගේ හවුල්කරුවන් ප්‍රතික්ෂේප කරන්නන් වෙති.
وَيَوْمَ تَقُومُ السَّاعَةُ يَوْمَئِذٍ يَتَفَرَّقُونَ
තවද එම (විනිශ්චය) කාලය සිදු වන දින ඔවුහු වෙන් වෙන් ව යති.
فَأَمَّا الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ فَهُمْ فِي رَوْضَةٍ يُحْبَرُونَ
නමුත් කවුරුන් දේවත්වය විශ්වාසය කොට යහකම් කළ අය වූ කලී ඔවුහු (ස්වර්ග) උයනෙහි සතුටු කරවනු ලබති.

Choose other languages: