Surah Ar-Rad Ayahs #9 Translated in Sinhalese
وَإِنْ تَعْجَبْ فَعَجَبٌ قَوْلُهُمْ أَإِذَا كُنَّا تُرَابًا أَإِنَّا لَفِي خَلْقٍ جَدِيدٍ ۗ أُولَٰئِكَ الَّذِينَ كَفَرُوا بِرَبِّهِمْ ۖ وَأُولَٰئِكَ الْأَغْلَالُ فِي أَعْنَاقِهِمْ ۖ وَأُولَٰئِكَ أَصْحَابُ النَّارِ ۖ هُمْ فِيهَا خَالِدُونَ
(නබිවරය) නුඹ පුදුමයට පත් වන්නෙහි නම් ඔවුහු "අපි පස් බවට පත් වූ විට නව මැවීමක් තුළට පත් වන්නෙමු ද?" යැයි ඔවුන් පැවැසීම (මීටවඩා) පුදුමයක් වේ. තම පරමාධිපති ව ප්‍රතික්ෂේප කළවුන් ඔවුහුමය. ඔවුන්ගේ ගෙලවල් වල විලංගු ඇත්තෝ ද ඔවුහුමය. තවද නිරාවාසීහු ද ඔවුහුමය. ඔවුහු එහි සදාතනිකයෝ වෙති.
وَيَسْتَعْجِلُونَكَ بِالسَّيِّئَةِ قَبْلَ الْحَسَنَةِ وَقَدْ خَلَتْ مِنْ قَبْلِهِمُ الْمَثُلَاتُ ۗ وَإِنَّ رَبَّكَ لَذُو مَغْفِرَةٍ لِلنَّاسِ عَلَىٰ ظُلْمِهِمْ ۖ وَإِنَّ رَبَّكَ لَشَدِيدُ الْعِقَابِ
තවද යහපතට පෙර නපුර ඉක්මන් කරන්නැයි ඔවුහු නුඹගෙන් ඉල්ලා සිටිති. තවද ඔවුනට පෙර දඬුවමට ලක් වූවන් සැබැවින්ම ඉකුත් ව ගොස් ඇත. තවද නියත වශයෙන්ම නුඹගේ පරමාධිපති ජනයා කරන අපරාධ වලට ඔවුනට ක්ෂමාශීලීභාවයෙන් යුක්තය. එමෙන්ම නියත වශයෙන්ම නුඹගේ පරමාධිපති දඬුවම් දීමෙහි ඉතා දැඩිය.
وَيَقُولُ الَّذِينَ كَفَرُوا لَوْلَا أُنْزِلَ عَلَيْهِ آيَةٌ مِنْ رَبِّهِ ۗ إِنَّمَا أَنْتَ مُنْذِرٌ ۖ وَلِكُلِّ قَوْمٍ هَادٍ
තවද ඔහුගේ පරමාධිපතිගෙන් සංඥාවක් ඔහු වෙත පහළ කරනු ලැබිය යුතු නොවේ දැයි ප්‍රතික්ෂේප කළවුන් පවසති. (නබිවරය) සැබැවින්ම නුඹ අවවාද කරන්නෙකු පමණි. තවද සෑම සමූහයකටම මග පෙන්වන්නෙකු විය.
اللَّهُ يَعْلَمُ مَا تَحْمِلُ كُلُّ أُنْثَىٰ وَمَا تَغِيضُ الْأَرْحَامُ وَمَا تَزْدَادُ ۖ وَكُلُّ شَيْءٍ عِنْدَهُ بِمِقْدَارٍ
සෑම කතක්ම උසුලන දෑ ද ගර්භාෂයේ අඩු වන දෑ ද එහි වැඩි වන දෑ ද අල්ලාහ් දනී. තවද සෑම දෙයක්ම ඔහු අබියස නියමිත ප්‍රමාණයක් අනුව පිහිටයි.
عَالِمُ الْغَيْبِ وَالشَّهَادَةِ الْكَبِيرُ الْمُتَعَالِ
ඔහු (අල්ලාහ්) ගුප්ත දෑ හා දෘෂ්‍යමාන දෑ (මනාව) දන්නාය. අති මහත් අති උත්තරීතරය.
Choose other languages:

Albanian

Amharic

Azerbaijani

Bengali

Bosnian

Bulgarian

Burmese

Chinese

Danish

Dutch

English

Farsi

Filipino

French

Fulah

German

Gujarati

Hausa

Hindi

Indonesian

Italian

Japanese

Jawa

Kazakh

Khmer

Korean

Kurdish

Kyrgyz

Malay

Malayalam

Norwegian

Pashto

Persian

Polish

Portuguese

Punjabi

Russian

Sindhi

Sinhalese

Somali

Spanish

Swahili

Swedish

Tajik

Tamil

Tatar

Telugu

Thai

Turkish

Urdu

Uyghur

Uzbek

Vietnamese

Yoruba
