Quran Apps in many lanuages:

Surah An-Nur Ayahs #63 Translated in Sinhalese

وَإِذَا بَلَغَ الْأَطْفَالُ مِنْكُمُ الْحُلُمَ فَلْيَسْتَأْذِنُوا كَمَا اسْتَأْذَنَ الَّذِينَ مِنْ قَبْلِهِمْ ۚ كَذَٰلِكَ يُبَيِّنُ اللَّهُ لَكُمْ آيَاتِهِ ۗ وَاللَّهُ عَلِيمٌ حَكِيمٌ
තවද නුඹලා අතර වූ දරුවන් වැඩිවියට පත් වූ විට ඔවුනට පෙර (වැඩිවියට පත්) වූවන් අවසර පැතුවාක් මෙන් ඔවුන්ද අවසර පැතිය යුතුය. අල්ලාහ් ඔහුගේ වදන් නුඹලාට පැහැදිලි කරනුයේ එලෙසය. තවද අල්ලාහ් සර්ව ඥානීය; මහා ප්‍රඥා වන්තය.
وَالْقَوَاعِدُ مِنَ النِّسَاءِ اللَّاتِي لَا يَرْجُونَ نِكَاحًا فَلَيْسَ عَلَيْهِنَّ جُنَاحٌ أَنْ يَضَعْنَ ثِيَابَهُنَّ غَيْرَ مُتَبَرِّجَاتٍ بِزِينَةٍ ۖ وَأَنْ يَسْتَعْفِفْنَ خَيْرٌ لَهُنَّ ۗ وَاللَّهُ سَمِيعٌ عَلِيمٌ
තවද විවාහයක් අපේක්ෂා නොකරන කාන්තාවන් අතරින් වයෝවෘද්ධ කාන්තාවන් වනාහි ඔවුන් (තම) අලංකාරය ප්‍රදර්ශයනය කිරීමෙන් තොර ව (මතුපිට) ඇඳුම් ගලවා තැබීම ඔවුන් කෙරෙහි වරදක් නොමැත. නමුත් ඔවුන් තැන්පත් බව රැකීම ඔවුනට වඩාත් උතුම්ය. තවද අල්ලාහ් සර්වශ්රාවකය; සර්වඥානීය.
لَيْسَ عَلَى الْأَعْمَىٰ حَرَجٌ وَلَا عَلَى الْأَعْرَجِ حَرَجٌ وَلَا عَلَى الْمَرِيضِ حَرَجٌ وَلَا عَلَىٰ أَنْفُسِكُمْ أَنْ تَأْكُلُوا مِنْ بُيُوتِكُمْ أَوْ بُيُوتِ آبَائِكُمْ أَوْ بُيُوتِ أُمَّهَاتِكُمْ أَوْ بُيُوتِ إِخْوَانِكُمْ أَوْ بُيُوتِ أَخَوَاتِكُمْ أَوْ بُيُوتِ أَعْمَامِكُمْ أَوْ بُيُوتِ عَمَّاتِكُمْ أَوْ بُيُوتِ أَخْوَالِكُمْ أَوْ بُيُوتِ خَالَاتِكُمْ أَوْ مَا مَلَكْتُمْ مَفَاتِحَهُ أَوْ صَدِيقِكُمْ ۚ لَيْسَ عَلَيْكُمْ جُنَاحٌ أَنْ تَأْكُلُوا جَمِيعًا أَوْ أَشْتَاتًا ۚ فَإِذَا دَخَلْتُمْ بُيُوتًا فَسَلِّمُوا عَلَىٰ أَنْفُسِكُمْ تَحِيَّةً مِنْ عِنْدِ اللَّهِ مُبَارَكَةً طَيِّبَةً ۚ كَذَٰلِكَ يُبَيِّنُ اللَّهُ لَكُمُ الْآيَاتِ لَعَلَّكُمْ تَعْقِلُونَ
නුඹලාගේ නිවෙස් වල හෝ නුඹලාගේ පියවරුන්ගේ නිවෙස් වල හෝ නුඹලාගේ මව්වරුන්ගේ නිවෙස් වල හෝ නුඹලාගේ සහෝදරයන්ගේ නිවෙස් වල හෝ නුඹලාගේ සහෝදරියන්ගේ නිවෙස් වල හෝ නුඹලාගේ පිය පාර්ෂවයේ සහෝදරයන්ගේ නිවෙස් වල හෝ නුඹලාගේ මව් පාර්ශවයේ සහෝදරයන්ගේ නිවෙස් වල හෝ නුඹලාගේ පිය පාර්ශවයේ සහෝදරියන්ගේ නිවෙස් වල හෝ නුඹලාගේ මව් පාර්ශවයේ සහෝදරියන්ගේ නිවෙස් වල හෝ යතුරු තමන් සන්තකයේ ඇති නිවෙස් වල හෝ නුඹලාගේ මිතුරන්ගේ නිවෙස් වල හෝ නුඹලා ආහාර ගැනීම නුඹලා කෙරෙහි වරදක් නැත. එමෙන් ම අන්ධයා කෙරෙහි හෝ කොරා කෙරෙහි හෝ රෝගියා කෙරෙහි හෝ වරදක් නැත. නුඹලා එකට ආහාර ගැනීම හෝ කණ්ඩායම් වශයෙන් වෙන් ව ආහාර ගැනීම හෝ වරදක් නැත. නුඹලා නිවෙස් වලට පිවිසෙන්නෙහු නම් අල්ලාහ් අබියසින් වූ යහපත් අභිවෘද්ධිමත් පැතුමක් වශයෙන් නුඹලා වෙත සලාම් පවසනු. අල්ලාහ් නුඹලාට එලෙස එම වදන් පැහැදිලි කරනුයේ නුඹලා වටහා ගනු පිණිසය.
إِنَّمَا الْمُؤْمِنُونَ الَّذِينَ آمَنُوا بِاللَّهِ وَرَسُولِهِ وَإِذَا كَانُوا مَعَهُ عَلَىٰ أَمْرٍ جَامِعٍ لَمْ يَذْهَبُوا حَتَّىٰ يَسْتَأْذِنُوهُ ۚ إِنَّ الَّذِينَ يَسْتَأْذِنُونَكَ أُولَٰئِكَ الَّذِينَ يُؤْمِنُونَ بِاللَّهِ وَرَسُولِهِ ۚ فَإِذَا اسْتَأْذَنُوكَ لِبَعْضِ شَأْنِهِمْ فَأْذَنْ لِمَنْ شِئْتَ مِنْهُمْ وَاسْتَغْفِرْ لَهُمُ اللَّهَ ۚ إِنَّ اللَّهَ غَفُورٌ رَحِيمٌ
දේවත්වය විශ්වාස කරන්නන් වනාහි අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් විශ්වාස කළවුන්ය. තවද ඔවුහු ඔහු සමග යම් සාමුහික කරුණක සිටි විට ඔහුගෙන් ඔවුන් අවසර පතන තෙක් ඔවුහු නික්ම නොයති. නියත වශයෙන්ම නුඹගෙන් අවසර පැතූවන් වනාහි ඔවුහුමය අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ගැන විශ්වාස කරන්නෝ වන්නේ. එහෙයින් ඔවුන්ගේ ඇතැම් කරුණු සඳහා ඔවුහු නුඹගෙන් අවසර පැතූ විට ඔවුන් අතරින් නුඹ කැමති අයට අවසර දෙනු. තවද ඔවුන් වෙනුවෙන් අල්ලාහ්ගෙන් සමාව අයැදිනු. නියත වශයෙන්ම අල්ලාහ් අති ක්ෂමාශීලීය; මහාකරුණාන්විතය.
لَا تَجْعَلُوا دُعَاءَ الرَّسُولِ بَيْنَكُمْ كَدُعَاءِ بَعْضِكُمْ بَعْضًا ۚ قَدْ يَعْلَمُ اللَّهُ الَّذِينَ يَتَسَلَّلُونَ مِنْكُمْ لِوَاذًا ۚ فَلْيَحْذَرِ الَّذِينَ يُخَالِفُونَ عَنْ أَمْرِهِ أَنْ تُصِيبَهُمْ فِتْنَةٌ أَوْ يُصِيبَهُمْ عَذَابٌ أَلِيمٌ
නුඹලා ඇතැමෙකු ඇතැමෙකුට අමතන සේ නුඹලා අතර රසූල්වරයාව නොඅමතනු. නුඹලා අතරින් සැඟ වී ලිස්සා යන්නන් පිළිබඳ ව සැබැවින්ම අල්ලාහ් දනී. ඔහුගේ අණට විරුද්ධවන්නන් ඔවුනට අර්බුදයක් ඇති වීම ගැන හෝ ඔවුනට වේදනීය දඬුවමක් ඇති වීම ගැන ප්‍රවේශම් විය යුතුය.

Choose other languages: