Surah An-Nur Ayahs #59 Translated in Sinhalese
وَعَدَ اللَّهُ الَّذِينَ آمَنُوا مِنْكُمْ وَعَمِلُوا الصَّالِحَاتِ لَيَسْتَخْلِفَنَّهُمْ فِي الْأَرْضِ كَمَا اسْتَخْلَفَ الَّذِينَ مِنْ قَبْلِهِمْ وَلَيُمَكِّنَنَّ لَهُمْ دِينَهُمُ الَّذِي ارْتَضَىٰ لَهُمْ وَلَيُبَدِّلَنَّهُمْ مِنْ بَعْدِ خَوْفِهِمْ أَمْنًا ۚ يَعْبُدُونَنِي لَا يُشْرِكُونَ بِي شَيْئًا ۚ وَمَنْ كَفَرَ بَعْدَ ذَٰلِكَ فَأُولَٰئِكَ هُمُ الْفَاسِقُونَ
තවද නුඹලා අතරින් දේවත්වය විශ්වාස කළවුනට, ඔවුනට පෙර සිටියවුන්ට බලය ලබා දුන්නාක් මෙන් මහපොළොවේ ඔවුනට ද බලය ලබා දෙන බවද, ඔවුන් වෙනුවෙන් ඔහු පිළිගත් දහම (අනුගමනය කිරීමට) ඔවුනට ඉඩ සලසා දෙන බව ද ඔවුනට ඇති වූ බියෙන් පසු ව සුරක්ෂිත තත්ත්වයකට ඔවුන් වෙනස් කරන බව ද අල්ලාහ් ප්‍රතිඥා දුන්නේය. ඔවුහු මට නැමදුම් කරති. මට කිසිවක් ආදේශ නොකරති. තවද මින් පසු ව කවරෙකු ප්‍රතික්ෂේප කළේ ද එවිට ඔවුහුමය පාපතරයෝ.
وَأَقِيمُوا الصَّلَاةَ وَآتُوا الزَّكَاةَ وَأَطِيعُوا الرَّسُولَ لَعَلَّكُمْ تُرْحَمُونَ
තවද නුඹලා දයාව ලබනු පිණිස නුඹලා සලාතය විධිමත් ව ඉටු කරනු. සකාත් ද පිරිනමනු. රසූල්වරයාට ද අවනත වනු.
لَا تَحْسَبَنَّ الَّذِينَ كَفَرُوا مُعْجِزِينَ فِي الْأَرْضِ ۚ وَمَأْوَاهُمُ النَّارُ ۖ وَلَبِئْسَ الْمَصِيرُ
දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් ඔවුන් මහපොළොවේ (අල්ලාහ්ගේ සැලසුම්) නොහැකියාවට පත් කරන්නන් යැයි නුඹලා නොසිතිය යුතුය. ඔවුන්ගේ නවාතැන (නිරයේ) ගින්නය. තවද ඔවුන් යොමු වන ස්ථානය නපුරු විය.
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لِيَسْتَأْذِنْكُمُ الَّذِينَ مَلَكَتْ أَيْمَانُكُمْ وَالَّذِينَ لَمْ يَبْلُغُوا الْحُلُمَ مِنْكُمْ ثَلَاثَ مَرَّاتٍ ۚ مِنْ قَبْلِ صَلَاةِ الْفَجْرِ وَحِينَ تَضَعُونَ ثِيَابَكُمْ مِنَ الظَّهِيرَةِ وَمِنْ بَعْدِ صَلَاةِ الْعِشَاءِ ۚ ثَلَاثُ عَوْرَاتٍ لَكُمْ ۚ لَيْسَ عَلَيْكُمْ وَلَا عَلَيْهِمْ جُنَاحٌ بَعْدَهُنَّ ۚ طَوَّافُونَ عَلَيْكُمْ بَعْضُكُمْ عَلَىٰ بَعْضٍ ۚ كَذَٰلِكَ يُبَيِّنُ اللَّهُ لَكُمُ الْآيَاتِ ۗ وَاللَّهُ عَلِيمٌ حَكِيمٌ
අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලාගේ දකුණත් හිමිකරගත් (හෙවත් නුඹලාගේ පාලනය යටතේ සිටින වහල්) අය ද වැඩිවියට ළඟා නොවූ අය ද නුඹලාගෙන් (අවස්ථා) වාර තුනක් අවසර පැතිය යුතුය. එනම් ෆජ්ර් සලාතයට පෙර ද මධ්යහ්න කාලයේ නුඹලාගේ ඇඳුම් නුඹලා ලිහා තබන අවස්ථාවේ ද ඉෂා සලාතයෙන් පසු ද වේ. නුඹලාට එය පෞද්ගලික අවස්ථා තුනකි. ඒවාට පසුව නුඹලා කෙරෙහි හෝ ඔවුන් කෙරෙහි හෝ දොසක් නොමැත. නුඹලා වෙත නුඹලාගෙන් ඇතැමෙකු ඇතැමෙකු අතර නිතර සැරිසරන්නෝ වෙති. අල්ලාහ් නුඹලාට එම වදන් පැහැදිලි කරනුයේ එලෙසය. තවද අල්ලාහ් සර්වඥානීය; මහා ප්‍රඥාවන්තය.
وَإِذَا بَلَغَ الْأَطْفَالُ مِنْكُمُ الْحُلُمَ فَلْيَسْتَأْذِنُوا كَمَا اسْتَأْذَنَ الَّذِينَ مِنْ قَبْلِهِمْ ۚ كَذَٰلِكَ يُبَيِّنُ اللَّهُ لَكُمْ آيَاتِهِ ۗ وَاللَّهُ عَلِيمٌ حَكِيمٌ
තවද නුඹලා අතර වූ දරුවන් වැඩිවියට පත් වූ විට ඔවුනට පෙර (වැඩිවියට පත්) වූවන් අවසර පැතුවාක් මෙන් ඔවුන්ද අවසර පැතිය යුතුය. අල්ලාහ් ඔහුගේ වදන් නුඹලාට පැහැදිලි කරනුයේ එලෙසය. තවද අල්ලාහ් සර්ව ඥානීය; මහා ප්‍රඥා වන්තය.
Choose other languages:

Albanian

Amharic

Azerbaijani

Bengali

Bosnian

Bulgarian

Burmese

Chinese

Danish

Dutch

English

Farsi

Filipino

French

Fulah

German

Gujarati

Hausa

Hindi

Indonesian

Italian

Japanese

Jawa

Kazakh

Khmer

Korean

Kurdish

Kyrgyz

Malay

Malayalam

Norwegian

Pashto

Persian

Polish

Portuguese

Punjabi

Russian

Sindhi

Sinhalese

Somali

Spanish

Swahili

Swedish

Tajik

Tamil

Tatar

Telugu

Thai

Turkish

Urdu

Uyghur

Uzbek

Vietnamese

Yoruba
