Quran Apps in many lanuages:

Surah An-Naml Ayahs #93 Translated in Sinhalese

وَمَنْ جَاءَ بِالسَّيِّئَةِ فَكُبَّتْ وُجُوهُهُمْ فِي النَّارِ هَلْ تُجْزَوْنَ إِلَّا مَا كُنْتُمْ تَعْمَلُونَ
තවද කවරෙකු නපුර රැගෙන එන්නේ ද ඔවුන්ගේ මුහුණු නිරා ගින්නෙහි මුණිනතට හෙළනු ලැබේ. නුඹලා සිදු කරමින් සිටි දෑට හැර වෙනෙකක් නුඹලාට පිරිනමනු ලබන්නෙහු ද? (යැයි පවසනු ලැබේ.)
إِنَّمَا أُمِرْتُ أَنْ أَعْبُدَ رَبَّ هَٰذِهِ الْبَلْدَةِ الَّذِي حَرَّمَهَا وَلَهُ كُلُّ شَيْءٍ ۖ وَأُمِرْتُ أَنْ أَكُونَ مِنَ الْمُسْلِمِينَ
නියත වශයෙන්ම මම අණ කරනු ලැබුවේ මෙම නගරය පාරිශුද්ධ කළ එහි පරමාධිපතිට නැමදුම් කිරීමටය. තවද සියලු දෑ ඔහු සතුය. තවද මම (අල්ලාහ්ට) අවනත වන්නන්ගෙන් කෙනෙකු වීමට ද අණ කරනු ලැබුවෙමි.
وَأَنْ أَتْلُوَ الْقُرْآنَ ۖ فَمَنِ اهْتَدَىٰ فَإِنَّمَا يَهْتَدِي لِنَفْسِهِ ۖ وَمَنْ ضَلَّ فَقُلْ إِنَّمَا أَنَا مِنَ الْمُنْذِرِينَ
තවද මා අල් කුර්ආනය පාරායනය කිරීමට ද අණ කරනු ලැබුවෙමි. එහෙයින් කවරෙකු යහ මග ලබන්නේ ද එසේ ඔහු යහ මග ලබනුයේ ඔහු වෙනුවෙනි. තවද කවරෙකු නොමග ගියේ ද එවිට නියත වශයෙන්ම මම අවවාද කරන්නන් අතරින් කෙනෙකු වෙමි යැයි (නබිවරය!) නුඹ පවසනු.
وَقُلِ الْحَمْدُ لِلَّهِ سَيُرِيكُمْ آيَاتِهِ فَتَعْرِفُونَهَا ۚ وَمَا رَبُّكَ بِغَافِلٍ عَمَّا تَعْمَلُونَ
සියලු ප්‍රශංසා අල්ලාහ්ටය. ඔහුගේ සංඥා ඔහු නුඹලාට මතු පෙන්වනු ඇත. එවිට නුඹලා එය දැන ගන්නෙහුය. තවද නුඹලා සිදු කරන දෑ පිළිබඳ නුඹගේ පරමාධිපති අනවධානියකු නොවේ යැයි (නබිවරය!) නුඹ පවසනු.

Choose other languages: