Quran Apps in many lanuages:

Surah An-Nahl Ayahs #28 Translated in Sinhalese

وَإِذَا قِيلَ لَهُمْ مَاذَا أَنْزَلَ رَبُّكُمْ ۙ قَالُوا أَسَاطِيرُ الْأَوَّلِينَ
තවද නුඹලාගේ පරමාධිපති පහළ කළේ කුමක්දැයි ඔවුන් විමසනු ලැබූ විට මුතුන්මිත්තන්ගේ ප්‍රබන්ධයන් යැයි ඔවුහු පැවසූහ.
لِيَحْمِلُوا أَوْزَارَهُمْ كَامِلَةً يَوْمَ الْقِيَامَةِ ۙ وَمِنْ أَوْزَارِ الَّذِينَ يُضِلُّونَهُمْ بِغَيْرِ عِلْمٍ ۗ أَلَا سَاءَ مَا يَزِرُونَ
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන්ගේ බර හා ඔවුන් කිසිදු දැනුමකින් තොර ව නොමග හැරියවුන්ගේ බර ඔවුන් සම්පූර්ණයෙන් උසුලනු පිණිස (මෙසේ ඔවුහු පවසති.) දැන ගනු! ඔවුන් උසුලන දෑ නපුරුය.
قَدْ مَكَرَ الَّذِينَ مِنْ قَبْلِهِمْ فَأَتَى اللَّهُ بُنْيَانَهُمْ مِنَ الْقَوَاعِدِ فَخَرَّ عَلَيْهِمُ السَّقْفُ مِنْ فَوْقِهِمْ وَأَتَاهُمُ الْعَذَابُ مِنْ حَيْثُ لَا يَشْعُرُونَ
ඔවුනට පෙර සිටියවුන් සැබැවින්ම කුමන්ත්‍රණ කළෝය. එහෙයින් අල්ලාහ් ඔවුන්ගේ ගොඩනැගිල්ල මුලිනුපුටා දැමුවේය. එවිට ඔවුනට ඉහළින් ඔවුන් මත වියන ඇද වැටිණ. තවද ඔවුන් නොසිතූ අයුරින් දඬුවම ඔවුන් වෙත පැමිණියේය.
ثُمَّ يَوْمَ الْقِيَامَةِ يُخْزِيهِمْ وَيَقُولُ أَيْنَ شُرَكَائِيَ الَّذِينَ كُنْتُمْ تُشَاقُّونَ فِيهِمْ ۚ قَالَ الَّذِينَ أُوتُوا الْعِلْمَ إِنَّ الْخِزْيَ الْيَوْمَ وَالسُّوءَ عَلَى الْكَافِرِينَ
පසුව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින ඔහු (අල්ලාහ්) ඔවුන්ව අවමානයට ලක් කරයි. තවද නුඹලා තර්ක කරමින් සිටි එවන් මගේ හවුල්කරුවන් කොහේ දැයි විමසයි. නියත වශයෙන්ම අද දින නින්දාව හා නපුර දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් වෙත යැයි ඥානය දෙනු ලැබූවන් පවසති.
الَّذِينَ تَتَوَفَّاهُمُ الْمَلَائِكَةُ ظَالِمِي أَنْفُسِهِمْ ۖ فَأَلْقَوُا السَّلَمَ مَا كُنَّا نَعْمَلُ مِنْ سُوءٍ ۚ بَلَىٰ إِنَّ اللَّهَ عَلِيمٌ بِمَا كُنْتُمْ تَعْمَلُونَ
ඔවුන් වනාහි තමන් විසින්ම තමන්ට අපරාධ කරමින් සිටිය දී සුරදූතයින් ඔවුන් ව මරණයට පත් කළ අය වෙති. එවිට ඔවුන් (සුරදූතයින් වෙත) "අපි කිසිදු නපුරක් නොකළෙමු" යැයි පවසමින් යටහත්භාවය ඉදිරිපත් කරති. එසේ නොව නුඹලා කරමින් සිටි දෑ පිළිබඳ ව අල්ලාහ් සර්ව ඥානීය.

Choose other languages: