Quran Apps in many lanuages:

Surah An-Nahl Ayahs #128 Translated in Sinhalese

إِنَّمَا جُعِلَ السَّبْتُ عَلَى الَّذِينَ اخْتَلَفُوا فِيهِ ۚ وَإِنَّ رَبَّكَ لَيَحْكُمُ بَيْنَهُمْ يَوْمَ الْقِيَامَةِ فِيمَا كَانُوا فِيهِ يَخْتَلِفُونَ
නියත වශයෙන්ම සෙනසුරාදා දින සීමාව නියම කරනු ලැබුවේ එහි මතභේද ඇති කර ගත්තවුන් කෙරෙහිය. තවද මළවුන් කෙරෙන් නැගිටු වනු ලබන දිනයේ නියත වශයෙන්ම නුඹගේ පරමාධිපති ඔවුන් කවර විෂයයක මතභේද ඇති කර ගනිමින් සිටියේ ද ඒ සම්බන්ධයෙන් ඔවුන් අතර තීන්දු කරනු ඇත.
ادْعُ إِلَىٰ سَبِيلِ رَبِّكَ بِالْحِكْمَةِ وَالْمَوْعِظَةِ الْحَسَنَةِ ۖ وَجَادِلْهُمْ بِالَّتِي هِيَ أَحْسَنُ ۚ إِنَّ رَبَّكَ هُوَ أَعْلَمُ بِمَنْ ضَلَّ عَنْ سَبِيلِهِ ۖ وَهُوَ أَعْلَمُ بِالْمُهْتَدِينَ
නුඹේ පරමාධිපතිගේ මාර්ගය වෙත ඥානයෙන් යුතු ව හා යහපත් උපදෙස් මගින් නුඹ ඇරයුම් කරනු. තවද වඩාත් යහපත් දැයින් ඔවුන් සමග නුඹ තර්ක කරනු. නියත වශයෙන්ම නුඹගේ පරමාධිපති ඔහුගේ මාර්ගයෙන් නොමග ගියවුන් පිළිබඳ ව මැනවින් දන්නාය. තවද ඔහු යහ මග ගියවුන් පිළිබඳ ව ද මැනවින් දන්නාය.
وَإِنْ عَاقَبْتُمْ فَعَاقِبُوا بِمِثْلِ مَا عُوقِبْتُمْ بِهِ ۖ وَلَئِنْ صَبَرْتُمْ لَهُوَ خَيْرٌ لِلصَّابِرِينَ
තවද නුඹලා දඬුවම් කරන්නෙහු නම් නුඹලා කවර දෙයකින් දඬුවම් කරනු ලැබුවේ ද ඒ හා සමාන ව නුඹලා දඬුවම් කරනු. තවද නුඹලා ඉවසා දරා ගත්තෙහු නම් ඉවසිලිවන්තයින්හට එය උතුම්ය.
وَاصْبِرْ وَمَا صَبْرُكَ إِلَّا بِاللَّهِ ۚ وَلَا تَحْزَنْ عَلَيْهِمْ وَلَا تَكُ فِي ضَيْقٍ مِمَّا يَمْكُرُونَ
තවද නුඹ ඉවසා දරා ගනු. තවද නුඹේ ඉවසීම අල්ලාහ් සම්බන්ධයෙන් මිස නොවිය යුතුය. තවද නුඹ ඔවුන් ගැන දුක් නොවනු. තවද ඔවුන් කුමන්ත්‍රණ කරන දැයින් නුඹ පීඩනයක පසු නොවනු.
إِنَّ اللَّهَ مَعَ الَّذِينَ اتَّقَوْا وَالَّذِينَ هُمْ مُحْسِنُونَ
නියත වශයෙන්ම අල්ලාහ් බිය හැඟීමෙන් යුතු ව කටයුතු කළවුන් හා දැහැමි ව කටයුතු කළවුන් වන ඔවුන් සමගය.

Choose other languages: