Quran Apps in many lanuages:

Surah Al-Qasas Ayahs #58 Translated in Sinhalese

أُولَٰئِكَ يُؤْتَوْنَ أَجْرَهُمْ مَرَّتَيْنِ بِمَا صَبَرُوا وَيَدْرَءُونَ بِالْحَسَنَةِ السَّيِّئَةَ وَمِمَّا رَزَقْنَاهُمْ يُنْفِقُونَ
ඔවුන් ඉවසා සිටි බැවින් ද යහපතින් අයහපත ඔවුන් වළක්වා ගන්නා බැවින් ද අපි ඔවුනට පෝෂණය කළ දැයින් ඔවුන් වියදම් කරන බැවින් ද ඔවුන්ගේ කුලිය දෙවතාවක් දෙනු ලබන්නන් ඔවුහුමය.
وَإِذَا سَمِعُوا اللَّغْوَ أَعْرَضُوا عَنْهُ وَقَالُوا لَنَا أَعْمَالُنَا وَلَكُمْ أَعْمَالُكُمْ سَلَامٌ عَلَيْكُمْ لَا نَبْتَغِي الْجَاهِلِينَ
තවද නිෂ්ඵල දෑට ඔවුන් සවන් දුන් විට ඔවුන් එය පිටු දැක ‘අපගේ ක්රියාවන් අපටය. නුඹලාගේ ක්රියාවන් නුඹලාටය. නුඹලා වෙත සාමය වේවා! (මිතුරුකම් පෑමට) අඥානයින් අපි නොසොයන්නෙමු.’ යැයි ඔවුහු පැවසූහ.
إِنَّكَ لَا تَهْدِي مَنْ أَحْبَبْتَ وَلَٰكِنَّ اللَّهَ يَهْدِي مَنْ يَشَاءُ ۚ وَهُوَ أَعْلَمُ بِالْمُهْتَدِينَ
නියත වශයෙන්ම ඔබ ප්රිය කළ අයට ඔබට මග පෙන්විය නොහැක. එනමුත් අල්ලාහ් ඔහු අභිමත කරන අයට මග පෙන්වයි. තවද ඔහු යහමග ලැබූවන් පිළිබඳ මැනවින් දන්නාය.
وَقَالُوا إِنْ نَتَّبِعِ الْهُدَىٰ مَعَكَ نُتَخَطَّفْ مِنْ أَرْضِنَا ۚ أَوَلَمْ نُمَكِّنْ لَهُمْ حَرَمًا آمِنًا يُجْبَىٰ إِلَيْهِ ثَمَرَاتُ كُلِّ شَيْءٍ رِزْقًا مِنْ لَدُنَّا وَلَٰكِنَّ أَكْثَرَهُمْ لَا يَعْلَمُونَ
තවද අපි ඔබ සමග යහමග අනුගමනය කරන්නේ නම් අපි අපගේ දේශයෙන් පැහැර ගනු ලබන්නෙමු යැයි ඔවුහු පැවසූහ. අප වෙතින් වූ පෝෂණයක් වශයෙන් සෑම වර්ගයකම පලතුරු ඒ වෙත ගෙන දෙන අභයදායී සුරක්ෂිත (දේශයක්) ලෙස අපි ඔවුනට පත් නොකළෙමු ද? එනමුත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා නොදනිති.
وَكَمْ أَهْلَكْنَا مِنْ قَرْيَةٍ بَطِرَتْ مَعِيشَتَهَا ۖ فَتِلْكَ مَسَاكِنُهُمْ لَمْ تُسْكَنْ مِنْ بَعْدِهِمْ إِلَّا قَلِيلًا ۖ وَكُنَّا نَحْنُ الْوَارِثِينَ
තවද තම ජීවන පහසුකම් සැපවත් කරගත් ගම්මාන කොපමණක් අපි විනාශ කළෙමු ද? ඔවුන්ගෙන් පසු ඔවුන්ගේ එම වාසස්ථාන වල ස්වල්ප දෙනෙකු මිස පදිංචි කරවනු නොලැබීය. තවද අපි උරුමක්කරුවන් වූයෙමු.

Choose other languages: