Quran Apps in many lanuages:

Surah Al-Qamar Ayahs #31 Translated in Sinhalese

إِنَّا مُرْسِلُو النَّاقَةِ فِتْنَةً لَهُمْ فَارْتَقِبْهُمْ وَاصْطَبِرْ
නියත වශයෙන්ම අපි ඔටු දෙන ඔවුනට පරීක්ෂණයක් ලෙසින් එවන්නෝ වූයෙමු. එහෙයින් (සාලිහ්!) නුඹ ඔවුන් ගැන විමසිල්ලෙන් සිටිනු. තවද ඉවසීමෙන් සිටිනු.
وَنَبِّئْهُمْ أَنَّ الْمَاءَ قِسْمَةٌ بَيْنَهُمْ ۖ كُلُّ شِرْبٍ مُحْتَضَرٌ
තවද නියත වශයෙන්ම ජලය ඔවුන් අතර බෙදී යා යුත්තකි. සෑම පාන වාරයක්ම පිළිපැදිය යුත්තකි යැයි (සාලිහ්!) නුඹ පවසනු.
فَنَادَوْا صَاحِبَهُمْ فَتَعَاطَىٰ فَعَقَرَ
එවිට ඔවුහු ඔවුන්ගෙන් වූ සගයකු කැඳවූවෝය. එවිට ඔහු (කඩුව) අමෝරා ගෙන (ඔටු දෙනගේ) ගෙල නහර කපා හැරියේය.
فَكَيْفَ كَانَ عَذَابِي وَنُذُرِ
එවිට මාගේ දඬුවම හා මාගේ අවවාදය කෙසේ වී ද?
إِنَّا أَرْسَلْنَا عَلَيْهِمْ صَيْحَةً وَاحِدَةً فَكَانُوا كَهَشِيمِ الْمُحْتَظِرِ
නියත වශයෙන්ම අපි ඔවුන් වෙත එක් ගිගුරුම් හඬක් එව්වෙමු. එවිට ඔවුහු සත්ව ගාලක පෑගුණු පිදුරු මෙන් වූහ.

Choose other languages: