Quran Apps in many lanuages:

Surah Al-Muzzammil Ayahs #10 Translated in Sinhalese

إِنَّ نَاشِئَةَ اللَّيْلِ هِيَ أَشَدُّ وَطْئًا وَأَقْوَمُ قِيلًا
නියත වශයෙන්ම රාත්‍රියේ අවදිවීම (සිත්) දමනයට වඩාත් බලගතුය. තවද කියවීමට වඩාත් උචිතය.
إِنَّ لَكَ فِي النَّهَارِ سَبْحًا طَوِيلًا
දහවල් කාලයේ නියත වශයෙන්ම ඔබට දිගු කාර්ය භාරයක් ඇත.
وَاذْكُرِ اسْمَ رَبِّكَ وَتَبَتَّلْ إِلَيْهِ تَبْتِيلًا
තවද ඔබේ පරමාධිපතිගේ නාමය ඔබ මෙනෙහි කරනු. තවද (නැමදුමෙහි) ඔහු වෙත පූර්ණ ව යොමු වනු.
رَبُّ الْمَشْرِقِ وَالْمَغْرِبِ لَا إِلَٰهَ إِلَّا هُوَ فَاتَّخِذْهُ وَكِيلًا
ඔහු නැගෙනහිර හා බටහිරෙහි හිමිපාණන්ය. ඔහු හැර වෙනත් දෙවිඳෙකු නොමැත. එහෙයින් භාරකරුවකු වශයෙන් ඔබ ඔහු ගනු.
وَاصْبِرْ عَلَىٰ مَا يَقُولُونَ وَاهْجُرْهُمْ هَجْرًا جَمِيلًا
තවද ඔවුන් පවසන දෑ ගැන නුඹ ඉවසනු. තවද අලංකාර මග හැරීමකින් ඔවුන් මග හරිනු.

Choose other languages: