Quran Apps in many lanuages:

Surah Al-Mumenoon Ayahs #105 Translated in Sinhalese

فَإِذَا نُفِخَ فِي الصُّورِ فَلَا أَنْسَابَ بَيْنَهُمْ يَوْمَئِذٍ وَلَا يَتَسَاءَلُونَ
එවිට හොරණෑවෙහි පිඹිනු ලැබූ විට එදින ඔවුන් අතර සම්බන්ධතා නොපවතී. තවද ඔවුන් එකිනෙකා විමසා නොගනිති.
فَمَنْ ثَقُلَتْ مَوَازِينُهُ فَأُولَٰئِكَ هُمُ الْمُفْلِحُونَ
එහෙයින් කවරෙකුගේ තුලාවන් බරින් වැඩි වූයේ ද එවිට ඔවුහුමය ජයග්රාහකයෝ.
وَمَنْ خَفَّتْ مَوَازِينُهُ فَأُولَٰئِكَ الَّذِينَ خَسِرُوا أَنْفُسَهُمْ فِي جَهَنَّمَ خَالِدُونَ
තවද කවරෙකුගේ තුලාවන් බරින් සැහැල්ලු වූයේ ද තමන්ටම අලාභහානි කර ගත්තෝ ඔවුහුමය. ඔවුහු නිරයේ සදාතනිකයෝ වෙති.
تَلْفَحُ وُجُوهَهُمُ النَّارُ وَهُمْ فِيهَا كَالِحُونَ
(නිරා) ගින්න ඔවුන්ගේ මුහුණු දවාලයි. තවද ඔවුහු එහි විකෘති වූවෝ වෙති.
أَلَمْ تَكُنْ آيَاتِي تُتْلَىٰ عَلَيْكُمْ فَكُنْتُمْ بِهَا تُكَذِّبُونَ
මාගේ වදන් නුඹලා වෙත කියවා පෙන්වනු නොලැබුවේ ද? එවිට නුඹලා එය බොරු කරමින් සිටියෙහුය.

Choose other languages: