Quran Apps in many lanuages:

Surah Al-Mujadala Ayahs #17 Translated in Sinhalese

أَأَشْفَقْتُمْ أَنْ تُقَدِّمُوا بَيْنَ يَدَيْ نَجْوَاكُمْ صَدَقَاتٍ ۚ فَإِذْ لَمْ تَفْعَلُوا وَتَابَ اللَّهُ عَلَيْكُمْ فَأَقِيمُوا الصَّلَاةَ وَآتُوا الزَّكَاةَ وَأَطِيعُوا اللَّهَ وَرَسُولَهُ ۚ وَاللَّهُ خَبِيرٌ بِمَا تَعْمَلُونَ
(දිළිඳුකම හේතුවෙන්) නුඹලාගේ පෞද්ගලික සාකච්ඡාවට පෙර දානයන් ඉදිරිපත් කිරීමට නුඹලා බියවන්නෙහු ද? එසේ නුඹලා සිදු නොකළ ද අල්ලාහ් නුඹලා වෙත පාප ක්ෂමාව දෙනු ඇත. එහෙයින් නුඹලා සලාතය ඉටු කරනු. තවද zසකාත් දෙනු. තවද අල්ලාහ් හා ඔහුගේ දූතයාණන්ට අවනත වනු. තවද අල්ලාහ් නුඹලා සිදු කරන දෑ පිළිබඳ ව අභිඥානවන්තය.
أَلَمْ تَرَ إِلَى الَّذِينَ تَوَلَّوْا قَوْمًا غَضِبَ اللَّهُ عَلَيْهِمْ مَا هُمْ مِنْكُمْ وَلَا مِنْهُمْ وَيَحْلِفُونَ عَلَى الْكَذِبِ وَهُمْ يَعْلَمُونَ
අල්ලාහ් ඔවුන් වෙත කෝප වූ පිරිසක් තම මිතුරන් ලෙස ගත් අය නුඹ නොදුටුවෙහි ද? ඔවුහු නුඹලාගෙන් නොවෙති. එමෙන්ම ඔවුන්ගෙන් ද නොවෙති. ඔවුහු දැන දැනම ව්යාජත්වය මත දිවුරා සිටිති.
أَعَدَّ اللَّهُ لَهُمْ عَذَابًا شَدِيدًا ۖ إِنَّهُمْ سَاءَ مَا كَانُوا يَعْمَلُونَ
අල්ලාහ් ඔවුනට දැඩි දඬුවමක් සූදානම් කළේය. නියත වශයෙන්ම ඔවුන් සිදු කරමින් සිටි දෑ නපුරු විය.
اتَّخَذُوا أَيْمَانَهُمْ جُنَّةً فَصَدُّوا عَنْ سَبِيلِ اللَّهِ فَلَهُمْ عَذَابٌ مُهِينٌ
ඔවුහු තම දිවුරුම පලිහක් වශයෙන් ගත්තෝය. තවද අල්ලාහ්ගේ මාර්ගයෙන් (ජනයා) අවහිර කළෝය. එහෙයින් නින්දනීය දඬුවමක් ඔවුනට ඇත.
لَنْ تُغْنِيَ عَنْهُمْ أَمْوَالُهُمْ وَلَا أَوْلَادُهُمْ مِنَ اللَّهِ شَيْئًا ۚ أُولَٰئِكَ أَصْحَابُ النَّارِ ۖ هُمْ فِيهَا خَالِدُونَ
ඔවුන්ගේ ධනය හෝ ඔවුන්ගේ දරුවන් හෝ අල්ලාහ්ගෙන් වූ කිසිවකට ඔවුනට ඵලක් නොවන්නේමය. (නිරා) ගින්නේ සගයෝ ඔවුහුමය. ඔවුහු එහි සදාතනිකයෝය.

Choose other languages: