Quran Apps in many lanuages:

Surah Al-Kahf Ayahs #89 Translated in Sinhalese

فَأَتْبَعَ سَبَبًا
එවිට ඔහු හේතු මාර්ගයක් අනුගමනය කළේය.
حَتَّىٰ إِذَا بَلَغَ مَغْرِبَ الشَّمْسِ وَجَدَهَا تَغْرُبُ فِي عَيْنٍ حَمِئَةٍ وَوَجَدَ عِنْدَهَا قَوْمًا ۗ قُلْنَا يَا ذَا الْقَرْنَيْنِ إِمَّا أَنْ تُعَذِّبَ وَإِمَّا أَنْ تَتَّخِذَ فِيهِمْ حُسْنًا
හිරු අවරට යන ස්ථානයට ඔහු ළඟා වූ විට රත් වූ කළු මඩ සහිත ස්ථානයෙහි එය අවරට යනු ඔහු දුටුවේය. තවද ඒ අසල සිටි පිරිසක් ද ඔහු දුටුවේය. අහෝ දුල් කර්නයින්! නුඹ දඬුවම් කරනු. නැතහොත් ඔවුන් අතර යහපත් අයුරින් කටයුතු කරනු යැයි අපි පැවසුවෙමු.
قَالَ أَمَّا مَنْ ظَلَمَ فَسَوْفَ نُعَذِّبُهُ ثُمَّ يُرَدُّ إِلَىٰ رَبِّهِ فَيُعَذِّبُهُ عَذَابًا نُكْرًا
අපරාධ කළවුන් වූ කළී, අපි ඔහුට දඬුවම් කරන්නෙමු. පසු ව ඔහුගේ පරමාධිපති වෙත ඔහු නැවත යොමු කරනු ලබනු ඇත. එවිට බිහිසුණු දඬුවමකින් ඔහු ඔහුට දඬුවම් කරනු ඇත යැයි ඔහු පැවසුවේය
وَأَمَّا مَنْ آمَنَ وَعَمِلَ صَالِحًا فَلَهُ جَزَاءً الْحُسْنَىٰ ۖ وَسَنَقُولُ لَهُ مِنْ أَمْرِنَا يُسْرًا
. තවද විශ්වාස කොට යහකම් කළවුන් වූ කලී, ඔහුට යහපත් ප්‍රතිඵල සතුය. තවද අපගේ නියෝගයෙන් පහසු දෑ අපි ඔහුට පවසන්නෙමු
ثُمَّ أَتْبَعَ سَبَبًا
පසු ව ඔහු හේතු මාර්ගයක් අනුගමනය කළේය.

Choose other languages: