Quran Apps in many lanuages:

Surah Al-Jathiya Ayahs #29 Translated in Sinhalese

وَإِذَا تُتْلَىٰ عَلَيْهِمْ آيَاتُنَا بَيِّنَاتٍ مَا كَانَ حُجَّتَهُمْ إِلَّا أَنْ قَالُوا ائْتُوا بِآبَائِنَا إِنْ كُنْتُمْ صَادِقِينَ
තවද අපගේ වදන් ඔවුන් වෙත පැහැදිලි ලෙසින් පාරායනය කරනු ලබන විට, “නුඹලා සත්‍යවාදීන් ලෙස සිටියෙහු නම් අපගේ මුතුන් මිත්තන් ගෙන එනු යැයි” ඔවුහු පවසා සිටියා මිස වෙනකක් ඔවුන්ගේ සාධකය නොවීය.
قُلِ اللَّهُ يُحْيِيكُمْ ثُمَّ يُمِيتُكُمْ ثُمَّ يَجْمَعُكُمْ إِلَىٰ يَوْمِ الْقِيَامَةِ لَا رَيْبَ فِيهِ وَلَٰكِنَّ أَكْثَرَ النَّاسِ لَا يَعْلَمُونَ
(නබිවරය!) නුඹ පවසනු. අල්ලාහ් නුඹලා ජීවත් කරවයි; පසු ව නුඹලා මරණයට පත් කරයි; පසු ව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය වෙත නුඹලා එක්රැස් කරයි; එහි කිසිදු සැකයක් නැත. නමුත් ජනයා අතරින් බහුතරයක් දෙනා නොදනිති.
وَلِلَّهِ مُلْكُ السَّمَاوَاتِ وَالْأَرْضِ ۚ وَيَوْمَ تَقُومُ السَّاعَةُ يَوْمَئِذٍ يَخْسَرُ الْمُبْطِلُونَ
තවද අහස්හි හා මහපොළොවේ ආධිපත්‍ය අල්ලාහ් සතුය. එම හෝරාව ක්‍රියාත්මක වන දින, එදින බොරුකරන්නෝ පරාජයට පත් වෙති.
وَتَرَىٰ كُلَّ أُمَّةٍ جَاثِيَةً ۚ كُلُّ أُمَّةٍ تُدْعَىٰ إِلَىٰ كِتَابِهَا الْيَوْمَ تُجْزَوْنَ مَا كُنْتُمْ تَعْمَلُونَ
සෑම සමූහයක්ම දණින් වැටී සිටිනු නුඹ දකිනු ඇත. සෑම සමූහයක්ම ඔවුන්ගේ වාර්තාව වෙත ඇරයුම් කරනු ලබති. “අද දින නුඹලා කරමින් සිටි දෑ සඳහා ප්‍රතිඵල දෙනු ලබන්නෙහුය.” (යැයි කියනු ලැබේ.)
هَٰذَا كِتَابُنَا يَنْطِقُ عَلَيْكُمْ بِالْحَقِّ ۚ إِنَّا كُنَّا نَسْتَنْسِخُ مَا كُنْتُمْ تَعْمَلُونَ
මෙය නුඹලාට එරෙහි ව සත්‍යයෙන් යුතු ව කතා කරන අපගේ වාර්තාවයි. නියත වශයෙන්ම අපි නුඹලා සිදු කරමින් සිටි දෑ පිළිබඳ සටහන් කරමින් සිටියෙමු.

Choose other languages: