Quran Apps in many lanuages:

Surah Al-Isra Ayahs #47 Translated in Sinhalese

سُبْحَانَهُ وَتَعَالَىٰ عَمَّا يَقُولُونَ عُلُوًّا كَبِيرًا
ඔවුන් පවසන දැයින් ඔහු සුවිශුද්ධය. අති උත්තරීතර භාවයෙන් ඔහු උසස් විය.
تُسَبِّحُ لَهُ السَّمَاوَاتُ السَّبْعُ وَالْأَرْضُ وَمَنْ فِيهِنَّ ۚ وَإِنْ مِنْ شَيْءٍ إِلَّا يُسَبِّحُ بِحَمْدِهِ وَلَٰكِنْ لَا تَفْقَهُونَ تَسْبِيحَهُمْ ۗ إِنَّهُ كَانَ حَلِيمًا غَفُورًا
ඔවුන් පවසන දැයින් ඔහු සුවිශුද්ධය. අති උත්තරීතර භාවයෙන් ඔහු උසස් විය.
وَإِذَا قَرَأْتَ الْقُرْآنَ جَعَلْنَا بَيْنَكَ وَبَيْنَ الَّذِينَ لَا يُؤْمِنُونَ بِالْآخِرَةِ حِجَابًا مَسْتُورًا
තවද නුඹ අල් කුර්ආනය පාරායනය කළ විට නුඹ අතර හා මතු ලොව විශ්වාස නොකරන්නන් අතර ආවරණය කරනු ලබන තිරයක් අපි ඇති කළෙමු.
وَجَعَلْنَا عَلَىٰ قُلُوبِهِمْ أَكِنَّةً أَنْ يَفْقَهُوهُ وَفِي آذَانِهِمْ وَقْرًا ۚ وَإِذَا ذَكَرْتَ رَبَّكَ فِي الْقُرْآنِ وَحْدَهُ وَلَّوْا عَلَىٰ أَدْبَارِهِمْ نُفُورًا
තවද ඔවුන් එය වටහා ගත නොහැකි සේ ඔවුන්ගේ හදවත් මත ආවරණ ද ඔවුන්ගේ කන් තුළ බිහිරිබව ද ඇති කළෙමු. අල් කුර්ආනයේ නුඹ නුඹේ පරමාධිපති ගැන පමණක් මෙනෙහි කළ විට ඔවුන් (ඉන්) ඈත් වී ඔවුන්ගේ පසුපස ලා පිළිකුලෙන් හැරී යති.
نَحْنُ أَعْلَمُ بِمَا يَسْتَمِعُونَ بِهِ إِذْ يَسْتَمِعُونَ إِلَيْكَ وَإِذْ هُمْ نَجْوَىٰ إِذْ يَقُولُ الظَّالِمُونَ إِنْ تَتَّبِعُونَ إِلَّا رَجُلًا مَسْحُورًا
ඔවුන් නුඹ වෙත සවන් දෙන අවස්ථාවේ ඔවුන් කවර දෙයක් පිළිබඳ ව සවන් දෙන්නේ ද ඒ පිළිබඳ ව මැනවින් දන්නේ අපමය. අපරාධකරුවෝ ‘නුඹලා හූනියම් කරනු ලැබූ මිනිසෙකු මිස අනුගමනය නොකරන්නෙහුය’ යැයි පවසමින් ඔවුහු රහසින් කතා කළ අවස්ථාවද (මැනවින් දන්නේ අපමය.)

Choose other languages: