Quran Apps in many lanuages:

Surah Al-Insan Ayahs #29 Translated in Sinhalese

وَاذْكُرِ اسْمَ رَبِّكَ بُكْرَةً وَأَصِيلًا
තවද උදේ සවස නුඹේ පරමාධිපතිගේ නාමය සුවිශුද්ධ කරනු.
وَمِنَ اللَّيْلِ فَاسْجُدْ لَهُ وَسَبِّحْهُ لَيْلًا طَوِيلًا
තවද රාත්‍රියේදී ඔහුට සුජූද් කරනු. තවද රාත්‍රියේදී දිගු වේලාවක් නුඹ ඔහු සුවිශුද්ධ කරනු.
إِنَّ هَٰؤُلَاءِ يُحِبُّونَ الْعَاجِلَةَ وَيَذَرُونَ وَرَاءَهُمْ يَوْمًا ثَقِيلًا
නියත වශයෙන්ම ඔවුහු මෙලොවට ප්රිය කරති. නමුත් ඔවුනට පසු ව ඇති බැරෑරුම් දිනය අත හැර දමති.
نَحْنُ خَلَقْنَاهُمْ وَشَدَدْنَا أَسْرَهُمْ ۖ وَإِذَا شِئْنَا بَدَّلْنَا أَمْثَالَهُمْ تَبْدِيلًا
අපි ඔවුන් මැව්වෙමු. තවද ඔවුන්ගේ ව්‍යූහය අපි ශක්තිමත් කළෙමු. තවද අප අභිමත කළේ නම් ඔවුන් වෙනුවට ඔවුන් මෙන් වූවන් අපි වෙනස් කොට පත් කරන්නෙමු.
إِنَّ هَٰذِهِ تَذْكِرَةٌ ۖ فَمَنْ شَاءَ اتَّخَذَ إِلَىٰ رَبِّهِ سَبِيلًا
නියත වශයෙන්ම මෙය උපදෙසකි. එහෙයින් කවරෙකු අභිමත කරන්නේ ද තම පරමාධිපති වෙත මාර්ගයක් ගනිත්වා!

Choose other languages: