Quran Apps in many lanuages:

Surah Al-Hijr Ayahs #69 Translated in Sinhalese

فَأَسْرِ بِأَهْلِكَ بِقِطْعٍ مِنَ اللَّيْلِ وَاتَّبِعْ أَدْبَارَهُمْ وَلَا يَلْتَفِتْ مِنْكُمْ أَحَدٌ وَامْضُوا حَيْثُ تُؤْمَرُونَ
එහෙයින් රාත්‍රියේ කොටසක නුඹ නුඹගේ පවුල සමග ගමන් කරනු. ඔවුන්ගේ පසුපසින් නුඹද හඹා යනු. තවද නුඹලා අතරින් කිසිවකු හෝ හැරී නොබැලිය යුතුය. තවද නුඹලා අණ කරනු ලැබූ තැනට ගමන් කරනු.
وَقَضَيْنَا إِلَيْهِ ذَٰلِكَ الْأَمْرَ أَنَّ دَابِرَ هَٰؤُلَاءِ مَقْطُوعٌ مُصْبِحِينَ
නියත වශයෙන්ම උදෑසන මොවුන් මුලිනුපුටා දමනු ලබනු ඇතැයි යන එම නියෝගය අපි ඔහුට දන්වා සිටියෙමු.
وَجَاءَ أَهْلُ الْمَدِينَةِ يَسْتَبْشِرُونَ
නගර වැසියෝ සතුටු විඳින්නට බලමින් පැමිණියෝය.
قَالَ إِنَّ هَٰؤُلَاءِ ضَيْفِي فَلَا تَفْضَحُونِ
නියත වශයෙන්ම මොවුහු මාගේ ආගන්තුකයින් වෙති. එබැවින් නුඹලා මා අවමානයට පත් නොකරනු යැයි ඔහු (ලූත්) පැවසුවේය.
وَاتَّقُوا اللَّهَ وَلَا تُخْزُونِ
තවද නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. තවද නුඹලා මා දුකට පත් නොකරනු.

Choose other languages: