Quran Apps in many lanuages:

Surah Al-Hijr Ayahs #28 Translated in Sinhalese

وَلَقَدْ عَلِمْنَا الْمُسْتَقْدِمِينَ مِنْكُمْ وَلَقَدْ عَلِمْنَا الْمُسْتَأْخِرِينَ
සැබැවින්ම අපි නුඹලා අතරින් පෙර ගියවුන් පිළිබඳ ව දනිමු. එමෙන්ම පසු පැමිණෙන්නවුන් පිළිබඳ ව ද අපි දනිමු.
وَإِنَّ رَبَّكَ هُوَ يَحْشُرُهُمْ ۚ إِنَّهُ حَكِيمٌ عَلِيمٌ
තවද නියත වශයෙන්ම නුඹගේ පරමාධිපති වන ඔහු (මතු ලොවෙහි) ඔවුන් එක්රැස් කරනු ඇත. නියත වශයෙන්ම ඔහු ප්‍රඥාවන්තය; සර්වඥානීය.
وَلَقَدْ خَلَقْنَا الْإِنْسَانَ مِنْ صَلْصَالٍ مِنْ حَمَإٍ مَسْنُونٍ
තවද සැබැවින්ම (දිගු කල් පැවතීමෙන්) වෙනස් වන සුළු, වියළුණු කළු මැටියෙන් මිනිස් වර්ගයා අපි මැව්වෙමු.
وَالْجَانَّ خَلَقْنَاهُ مِنْ قَبْلُ مِنْ نَارِ السَّمُومِ
තවද මීට පෙර දැඩි උණුසුම් ගින්නෙන් අපි ජින් වර්ගයා මැව්වෙමු.
وَإِذْ قَالَ رَبُّكَ لِلْمَلَائِكَةِ إِنِّي خَالِقٌ بَشَرًا مِنْ صَلْصَالٍ مِنْ حَمَإٍ مَسْنُونٍ
තවද නියත වශයෙන්ම මම (දිගු කල් පැවතීමෙන්) වෙනස් වන සුළු, වියළුණු කළු මැටියෙන් මිනිසා මවමි යැයි නුඹේ පරමාධිපති මලක්වරුන්ට පැවසූ අවස්ථාව සිහියට නගනු.

Choose other languages: