Quran Apps in many lanuages:

Surah Al-Hijr Ayahs #14 Translated in Sinhalese

وَلَقَدْ أَرْسَلْنَا مِنْ قَبْلِكَ فِي شِيَعِ الْأَوَّلِينَ
තවද නුඹට පෙර වූ ආරම්භක පිරිස් අතරට ද සැබැවින්ම අපි (රසූල්වරුන්) පණිවිඩකරුවන් එව්වෙමු.
وَمَا يَأْتِيهِمْ مِنْ رَسُولٍ إِلَّا كَانُوا بِهِ يَسْتَهْزِئُونَ
තවද ඔවුන් වෙත (අපගේ) කවර හෝ පණිවිඩකරුවෙකු පැමිණි විට ඔවුහු ඔහුට සමච්චල් කරමින් ම සිටියහ.
كَذَٰلِكَ نَسْلُكُهُ فِي قُلُوبِ الْمُجْرِمِينَ
වැරදිකරුවන්ගේ හදවත් තුළට ද අපි එය කාවද්දනුයේ එලෙසය.
لَا يُؤْمِنُونَ بِهِ ۖ وَقَدْ خَلَتْ سُنَّةُ الْأَوَّلِينَ
ඔවුහු එය විශ්වාස නොකරති. තවද සැබැවින්ම පැරැණ්නන්ගේ සිරිත් ඉකුත් වී ගොස් ඇත.
وَلَوْ فَتَحْنَا عَلَيْهِمْ بَابًا مِنَ السَّمَاءِ فَظَلُّوا فِيهِ يَعْرُجُونَ
තවද අපි ඔවුන් වෙත අහසින් දොරටුවක් විවෘත කොට එහි ඔවුහු ආරෝහණය වන්නන් බවට පත් වුව ද (ඔවුහු විශ්වාස නොකරති.)

Choose other languages: