Quran Apps in many lanuages:

Surah Al-Furqan Ayahs #76 Translated in Sinhalese

وَالَّذِينَ لَا يَشْهَدُونَ الزُّورَ وَإِذَا مَرُّوا بِاللَّغْوِ مَرُّوا كِرَامًا
තවද ඔවුහු වනාහි බොරු සාක්ෂි නොදරති. තවද ඵලක් නැති දෑ අසලින් ඔවුන් ගමන් ගත් විට ගෞරවාන්විත අයුරින් ඔවුහු පසුකර යති.
وَالَّذِينَ إِذَا ذُكِّرُوا بِآيَاتِ رَبِّهِمْ لَمْ يَخِرُّوا عَلَيْهَا صُمًّا وَعُمْيَانًا
තවද ඔවුහු වනාහි ඔවුන්ගේ පරමාධිපතිගේ වදන් මෙනෙහි කරනු ලබන විට බිහිරි බවින් හෝ අන්ධ බවින් හෝ ඒ මත නොවැටෙති.
وَالَّذِينَ يَقُولُونَ رَبَّنَا هَبْ لَنَا مِنْ أَزْوَاجِنَا وَذُرِّيَّاتِنَا قُرَّةَ أَعْيُنٍ وَاجْعَلْنَا لِلْمُتَّقِينَ إِمَامًا
තවද ඔවුහු වනාහි ‘අපගේ පරමාධිපතියාණනි! අපගේ බිරියන්ගෙන් ද අපගේ දරු පරපුරෙන් ද නෙත් පිනවන සිසිල අපට ඇති කරනු මැනව! තවද බිය බැතිමතුන් මෙහෙයවන්නන් බවට අප පත් කරනු මැනව! යැයි පවසන්නන් වෙති.
أُولَٰئِكَ يُجْزَوْنَ الْغُرْفَةَ بِمَا صَبَرُوا وَيُلَقَّوْنَ فِيهَا تَحِيَّةً وَسَلَامًا
ඔවුන් ඉවසා සිටි බැවින් (ස්වර්ග) කුටි පිරිනමනු ලබන්නෝ ඔවුහුමය. තවද ඔවුහු එහි සුබ පැතුම් සමග හා (සලාම්) සමාදානයෙන් පිළිගනු ලබති.
خَالِدِينَ فِيهَا ۚ حَسُنَتْ مُسْتَقَرًّا وَمُقَامًا
ඔවුන් එහි සදාතනිකයින් ය. වාසස්ථානයෙන් හා නවාතැනින් එය යහපත් විය.

Choose other languages: