Quran Apps in many lanuages:

Surah Al-Baqara Ayahs #9 Translated in Sinhalese

2:5
أُولَٰئِكَ عَلَىٰ هُدًى مِنْ رَبِّهِمْ ۖ وَأُولَٰئِكَ هُمُ الْمُفْلِحُونَ
ඔවුහු තම පරමාධිපතිගෙන් වූ යහ මඟ මත සිටිනවුන් ය. තවද ඔවුහුම ය ජයග්‍රාහකයෝ.
2:6
إِنَّ الَّذِينَ كَفَرُوا سَوَاءٌ عَلَيْهِمْ أَأَنْذَرْتَهُمْ أَمْ لَمْ تُنْذِرْهُمْ لَا يُؤْمِنُونَ
නියත වශයෙන් ම ප්‍රතික්ෂේප කළවුන් වන ඔවුනට නුඹ අවවාද කළ ද නැතිනම් අවවාද නොකළ ද එක සමාන ය. ඔවුහු විශ්වාස නොකරති.
2:7
خَتَمَ اللَّهُ عَلَىٰ قُلُوبِهِمْ وَعَلَىٰ سَمْعِهِمْ ۖ وَعَلَىٰ أَبْصَارِهِمْ غِشَاوَةٌ ۖ وَلَهُمْ عَذَابٌ عَظِيمٌ
අල්ලාහ් ඔවුන්ගේ හදවත් මත ද ඔවුන්ගේ සවන් මත ද මුද්‍රා තැබීය. තවද ඔවුන්ගේ පෙනීම මත ආවරණයක් ඇත. තවද ඔවුනට බිහිසුනු ඳඬුවම් ඇත.
2:8
وَمِنَ النَّاسِ مَنْ يَقُولُ آمَنَّا بِاللَّهِ وَبِالْيَوْمِ الْآخِرِ وَمَا هُمْ بِمُؤْمِنِينَ
තවද ජනයා අතරින් "සැබැවින්ම අපි අල්ලාහ්ව හා පරමාන්ත දිනය විශ්වාස කළෙමු" යැයි පවසන ඇතැමුන් සිටිති. නමුත් ඔවුහු දේවත්වය විශ්වාස කළ අය නොවෙති.
2:9
يُخَادِعُونَ اللَّهَ وَالَّذِينَ آمَنُوا وَمَا يَخْدَعُونَ إِلَّا أَنْفُسَهُمْ وَمَا يَشْعُرُونَ
ඔවුහු අල්ලාහ්ට හා දෙවියන් විශ්වාස කළවුන් ට වංචා කරති. (සත්‍ය වශයෙන්ම) ඔවුහු තමන්ට ම මිස වංචා නොකරන්නෝ ය. තවද ඔවුන් (මේ බව) වටහා ගන්නේ නැත.

Choose other languages: