Quran Apps in many lanuages:

Surah Al-Baqara Ayahs #36 Translated in Sinhalese

قَالُوا سُبْحَانَكَ لَا عِلْمَ لَنَا إِلَّا مَا عَلَّمْتَنَا ۖ إِنَّكَ أَنْتَ الْعَلِيمُ الْحَكِيمُ
ඔබ සුපිවිතුරු ය. ඔබ අප ට ඉගැන් වූ දෑ හැර වෙනත් දැනුමක් අප ට නැත. සැබැවින් ම ඔබ සර්වඥානී සර්ව ප්‍රඥාවන්ත යැයි (මලක්වරුන්) පැවසූහ.
قَالَ يَا آدَمُ أَنْبِئْهُمْ بِأَسْمَائِهِمْ ۖ فَلَمَّا أَنْبَأَهُمْ بِأَسْمَائِهِمْ قَالَ أَلَمْ أَقُلْ لَكُمْ إِنِّي أَعْلَمُ غَيْبَ السَّمَاوَاتِ وَالْأَرْضِ وَأَعْلَمُ مَا تُبْدُونَ وَمَا كُنْتُمْ تَكْتُمُونَ
අහෝ ආදම්! ඒවායෙ හි නාමයන් ඔවුන ට දන්වනු යැයි ඔහු පැවසීය. ඔවුන ට ඔහු ඒවායෙ හි නාමයන් දැන් වූ කල් හි අහස් හි හා මහපොළොවේ අදෘශ්‍යමාන දෑ සැබැවින් ම මම දනිමි. තව ද නුඹලා හෙළිදරව් කරන දෑ ද, නුඹලා වසං කරමින් සිටින දෑ ද මම දනිමි යැයි නොකීවෙම් ද? යනුවෙන් (අල්ලාහ්) පැවැසුවේය.
وَإِذْ قُلْنَا لِلْمَلَائِكَةِ اسْجُدُوا لِآدَمَ فَسَجَدُوا إِلَّا إِبْلِيسَ أَبَىٰ وَاسْتَكْبَرَ وَكَانَ مِنَ الْكَافِرِينَ
පසුව අපි මලක්වරුන්ට "ආදම් ට සිරස නමනු" යි පැවසූ විට ඉබ්ලීස් (ෂෙයිතාන්) හැර ඔවුන් (සියල්ලෝම) සිරස නැමූහ. ඔහු (එය ට) පිටුපෑවේ ය. උඩඟු විය. තව ද ඔහු දේව ප්‍රතික්ෂේපකයින් අතුරින් කෙනෙකු විය.
وَقُلْنَا يَا آدَمُ اسْكُنْ أَنْتَ وَزَوْجُكَ الْجَنَّةَ وَكُلَا مِنْهَا رَغَدًا حَيْثُ شِئْتُمَا وَلَا تَقْرَبَا هَٰذِهِ الشَّجَرَةَ فَتَكُونَا مِنَ الظَّالِمِينَ
තව ද අහෝ ආදම්! නුඹ ද නුඹ ගේ සහකාරිය ද ස්වර්ගයේ වාසය කරනු. නුඹලා දෙදෙනා එහි සිට කැමති දෑ කැමති පරිදි අනුභව කරනු. තව ද නුඹලා දෙදෙනා මෙම ගස ට ළං නොවනු. එවිට නුඹලා දෙදෙනා අපරාධකරුවන් අතුරින් වන්නෙහු යැයි අපි පැවසුවෙමු.
فَأَزَلَّهُمَا الشَّيْطَانُ عَنْهَا فَأَخْرَجَهُمَا مِمَّا كَانَا فِيهِ ۖ وَقُلْنَا اهْبِطُوا بَعْضُكُمْ لِبَعْضٍ عَدُوٌّ ۖ وَلَكُمْ فِي الْأَرْضِ مُسْتَقَرٌّ وَمَتَاعٌ إِلَىٰ حِينٍ
එවිට ෂෙයිතාන් ඔවුන් දෙදෙනා ව එයින් පිටමං කර යැවීමට සැලැස්සුවේය. ඔවුන් දෙදෙනා සිටි තත්වයෙන් ඔහු ඔවුන් දෙදෙනා ව බැහැර කළේය. තව ද නුඹලා පහළ ට බසිනු. නුඹලාගෙන් ඇතැමෙකු ඇතැමෙකු ට සතුරු ය. නුඹලා ට කාලයක් දක්වා මහපොළොවේ වාසස්ථානය ද භුක්ති විඳීම ද ඇත යැයි අපි පැවසුවෙමු.

Choose other languages: