Quran Apps in many lanuages:

Surah Al-Baqara Ayahs #206 Translated in Sinhalese

أُولَٰئِكَ لَهُمْ نَصِيبٌ مِمَّا كَسَبُوا ۚ وَاللَّهُ سَرِيعُ الْحِسَابِ
තමන් ඉපැයූ දැයින් කොටසක් තමන්ට ඇත්තෝ ඔවුන්මය. තවද අල්ලාහ් විනිශ්චය කිරීමෙහි ඉතා වේගවත්ය.
وَاذْكُرُوا اللَّهَ فِي أَيَّامٍ مَعْدُودَاتٍ ۚ فَمَنْ تَعَجَّلَ فِي يَوْمَيْنِ فَلَا إِثْمَ عَلَيْهِ وَمَنْ تَأَخَّرَ فَلَا إِثْمَ عَلَيْهِ ۚ لِمَنِ اتَّقَىٰ ۗ وَاتَّقُوا اللَّهَ وَاعْلَمُوا أَنَّكُمْ إِلَيْهِ تُحْشَرُونَ
තවද නියමිත දින ගණනක් තුළ නුඹලා අල්ලාහ් ව සිහිපත් කරනු. එබැවින් කවරෙකු (මිනාවෙහි රැඳී සිටීමෙන්) දින දෙකකින් ඉක්මන් වන්නේ ද එවිට ඔහු කෙරෙහි පාපයක් නොමැත. තවද කවරෙකු ප්‍රමාද වන්නේ ද ඔහු කෙරෙහි ද පාපයක් නොමැත. එය බිය බැතිමත් වූවන් හටය. තවද නුඹලා අල්ලාහ්ට බියබැතිමත් වනු. සැබැවින්ම නුඹලා ඔහු වෙත එක් රැස් කරනු ලබන බව දැන ගනු.
وَمِنَ النَّاسِ مَنْ يُعْجِبُكَ قَوْلُهُ فِي الْحَيَاةِ الدُّنْيَا وَيُشْهِدُ اللَّهَ عَلَىٰ مَا فِي قَلْبِهِ وَهُوَ أَلَدُّ الْخِصَامِ
මෙලොව ජීවිතයෙහි තම ප්‍රකාශය නුඹ ව පුදුමයට පත් කරවන හා තම හදවතෙහි ඇති දෑ කෙරෙහි අල්ලාහ් ව සාක්ෂි වශයෙන් තබන අය ද මිනිසුන් අතුරින් වෙති. තවද ඔහු තර්ක කිරීමෙහි ඉතා දැඩි ය.
وَإِذَا تَوَلَّىٰ سَعَىٰ فِي الْأَرْضِ لِيُفْسِدَ فِيهَا وَيُهْلِكَ الْحَرْثَ وَالنَّسْلَ ۗ وَاللَّهُ لَا يُحِبُّ الْفَسَادَ
ඔහු හැරී ගිය විට මහපොළොවෙහි කලහකම් කිරීමටත් අස්වනු හා සත්ත්ව පරපුර විනාශ කිරීමටත් උත්සාහ දැරුවේය. තවද අල්ලාහ් කලහකම ප්‍රිය නොකරන්නේය.
وَإِذَا قِيلَ لَهُ اتَّقِ اللَّهَ أَخَذَتْهُ الْعِزَّةُ بِالْإِثْمِ ۚ فَحَسْبُهُ جَهَنَّمُ ۚ وَلَبِئْسَ الْمِهَادُ
නුඹ අල්ලාහ්ට බැතිමත් වනු යැයි ඔහුට පවසනු ලැබූ විට පාපී ලෙස ගර්වය ඔහු ව ග්‍රහණය කළේය. එබැවින් නිරය ඔහුට ප්‍රමාණවත්ය. තවද (අවසානයේ ලගින) යහන නපුරු විය.

Choose other languages: